ෆොන්සේකාට නම් කොහෙත්ම දෙන්නේ නෑ…… චම්පික නම් හා……… – ජනපති

0

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය කිසිසේත්ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයට පවසා ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 01 වෙනිදා එජාප නියෝජිතයන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති සිරිසේන මුණ ගැසුණු අවස්ථාවේ ජනාධිපති සිරිසේන මේ බව පවසා තිබේ.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා සිටින්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් චම්පික අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි. නමුත් ජනාධිපතිවරයා විසින් කළ එම ඉල්ලීම චම්පික අමාත්‍යවරයා විසින් ප්‍රතිකේෂ්ප කළ බවයි චම්පික අමාත්‍යවරයාගේ සමීපතමයන් සඳහන් කරන්නේ.

එමෙන්ම තමන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දීමට ද ජනාධිපතිවරයා සූදානම් බවත් ඔහු සඳහන් කර සිටියා. එහෙත් තමන් එවැනි තනතුරක් බාර ගැනීමට සූදානම් නැති බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ.