බය නැතුව ලංකාවට එන්න…… මංගලගෙන් ලෝකවාසින්ට ඇරයුමක්!

0

පාස්කු ප්‍රහාරය නිසා යම් පසුබෑමකට ලක් ව තිබෙන සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා සංචාරක කර්මාන්තය වෙනුවෙන් පනවා ඇති බදු වලට සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

Bloomberg Economics සමඟ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිනවා.

අවුරුදු 60 කට පසුව ලංකාව සිය ප්‍රාථමික මූල්‍ය සංවර්ධනය වඩාත් ප්‍රවර්ධනීය මට්ටමකට ගෙන ආ මොහෙතේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සමඟ ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලංකාවේ ආරක්ෂක අංශ හා පොලිසිය සිය ආරක්ෂක ක්‍රියාවලියේ උච්චස්ථානයට ලඟා වී ඇති බැවින් ඉතා ඉක්මනින් නැවතත් ආර්ථිකය නගා සිටුවීමට රජය හැකි වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් පවසා සිටියා.

එහිදි නිවේදිකාව විමසා සිටියේ පවතින තත්ත්වය පාලනයට ලංකාව ගෙන ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳව පැහැදිළි කිරීමක් කරන ලෙසයි. ඒ වෙනුවෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ලංකාව මේ වන විට සිය ආරක්ෂල වැඩපිළිවෙළේ ඉහළම ස්ථානය ලඟා කරගෙන ඇති බව තමා විශ්වාස කරන බැවින් ඒ සම්බන්ධයෙන් විස්තර දැක්විම මේ අවස්ථාවේ සුදුසු නොවන බවට තමා විශ්වාස කරන බවයි.

එසේම ලංකාව යනු ඉතාම සුන්දර රටක් බවත් සංචාරකයන්ට සුදුසු නිවාඩු නවාතැනක් බවත් පැවසු අමාත්‍යවරයා ලොව පුරා වෙසෙන ලංකාවේ හිතවතුන්ට ලංකාවට පැමීණීම නවතාලන්නට එපා යැයි පැවසීමට තමා මෙය අවස්ථාවක් කර ගන්නා බවත් සඳහන් කළා.

මීට සති දෙකකට පමණ පෙර සිදු වූ සිදුවීම් මාලාව නැවත ලංකාවේ ඇති නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.

අමාත්‍යවරයා විසින් පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව පහතනි,