රටේ ජනතාවට විශ්වාසයක් ඇති කරන්න නීතිය හා සාමය අමාත්‍යාංශය SF ට දෙන්න – එජාප පසුපෙළ අගමැතිගෙන් ඉල්ලයි

0

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යධූරය ලබා දුන්නේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසු රජය ගත් පියවර ගැන ජනතාව අතර ප්‍රබල විශ්වාසයක් ඇති කරවන්නට හැකියාව තිබු බව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහට පවසා තිබෙනවා.

ඊයේ (14) සවස අරලියගහ මන්දිරයේ දි අගමැතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වමින් පසුපෙළ මන්ත්‍රිවරුන් මේ බව පවසා සිටියා.

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය රාජ්‍ය බුද්ධි අංශ මග පෙන්වීම මත රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබියදී දරුවන් පාසල් එවීමට දෙමාපියන් පසුබට වන්නේ ප්‍රබල විශ්වාසවන්ත ක්‍රියාමාර්ගයක් ප්‍රදාර්ශනය නොවීම නිසා බවද එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අගමැති හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා.

රටතුළ මීට වඩා බරපතල සිද්ධීන්  ඇති වූ අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සාර්ථකව මුහුණ දුන් ආකාරය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මන්ත්‍රීවරුන් හමුවේ දිර්ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ දැඩිව සවන්දී සිටිනු දැකගත හැකි වු බවත් අප දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියා.