රිෂාද්ට සහය දෙනවද නැද්ද? – ශ්‍රිලංනීපය තවමත් වැට උඩ…….

0

අමාත්‍ය රිෂාද් බදුයුඩීන් එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් බාර දෙනු ලැබු විශ්වාසභංග යෝජනාවට සහය දෙනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තවමත් තීරණය කොට නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක පවසනවා.

ඊයේ (16) ශ්‍රිලංනීප මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන්නේ යැයි ද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පැවසූ අතර මෙහිදී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වගකීමෙන් යුතුව තීන්දුවක් ගන්නා බව ද සඳහන් කළා.