රිෂාද්ගේ විශ්වාසභංගය පෙන්වා රටේ ජනතාව ගොනාට ඇන්ඳු රාජපක්ෂලා

0

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාද් බදුයුඩීන්ට එරෙහිව කතානායක කරු ජයසූරිය වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙනනම් ඉවත ලෑමට සිදු වී තිබේ.

එයට හේතුව වන්නේ පසුගිය 15 වෙනිදා කතාකායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවේ එය සකස් කළ දිනය ලෙස 2018 මැයි 9 වන දින ලෙස සටහන් වීමයි. ඒ අනුව සිදු වී ඇති තාක්ෂණ හේතුව මත අදාළ විශ්වාසභංග යෝජනාව ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇති.

2018 ඔක්කෝම්බර් 26 වෙනිදා සිට කුමන්ත්‍රණය කරමින් රටේ පාලන බලය සියතට ගැනීමට  දත කන රාජපක්ෂ කල්ලිය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය රජය පෙරලීමේ නවතම කුමන්ත්‍රණය ලෙස අමාත්‍ය රිෂාද් බදුයුඩීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂයේ බල ලෝභිත්වයේ ප්‍රමාණය මෙලෙස විශ්වාසභංගයේ දිනය වර්ෂය පවා වැරදි ලෙස යොදා ගැනීම හරහා පැහැදිළි වන අතර නීති විශාරදයෙකු ලෙස පෙනී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයේ සියළු නීති ගැටළු මාධ්‍ය හරහා ලස්සනට විසඳන විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙන උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට පවා මෙය නොපෙනිම හරහා ගම්‍යමාන වන්නේ උදය ගම්මන්පිලලා මාධ්‍ය හරහා විශ්වාසභංගයට දක්වන සැළකිල්ල සැබවින්ම විශ්වාසභංගය කෙටුම්පත් කිරීම වෙනුවෙන් යොදවා නැති බවයි.

ඒ අනුව බල ලෝභිත්වයෙන් පිරි ඒකාබද්ධ විපක්ෂය තම කණ්ඩායමෙන් ගිලිහෙන බලය රැක ගෙන රජය අපහසුතාවයට පත් කරමින් ඉදිරි මැතිවරණයේදි දේශපාලන සටන් පාඨයක් ලෙස මෙම විශ්වාසභංග යෝජනාව යොදා ගැනීමට කටයුතු කරන අතර ජනතාව තව තවත් ගොනාට අන්දන මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් පැහැදිළි කර හැකිය.

ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයා වෙත භාරදුන්න විශ්වාසභංග යෝජනාව මුල් කොළය පහතින්,