වැරදිකරු බව ඔප්පු වුනොත් දේශපාලනයෙන් සමුගන්නවා…….!

0

තමාට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා නිවැරැදි බව ඔප්පු වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බව අමාත්‍ය රිෂාද් බදුයුඩීන් පවසනවා.

අද (22) රාජ්‍ය රූපවාහිනි නාලිකාවක උදෑසන වැඩසටහනක් සඳහා දුරකථනයෙන් අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එසේම තමාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පිළිබඳව විමර්ශනයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් විසින් යෝජනා කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහය දෙන ලෙස තමන් ජනතා විමුක්ති පෙරමුණෙන්, දෙමළ ජාතික සන්ධානයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා පාර්ලිමේන්තුවේ අනුකුත් සියළුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලක්ෂ 22 ක මුස්ලිම් ජනතාව, මුස්ලිම් දේශපාලන නායකයින්, දේශපාලකයින් සියළු දෙනා එක මතයක සිට රටේ සමගිය ආරක්ෂා කිරීමට කැපවෙන මොහොතේ සිංහල මුස්ලිම් කෝලාහලයන් ඇති කරමින්, වෛරය පතුරවමින් කටයුතු කිරීමට ඇතැම් දේශපාලකයින් ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර ඊයේ (21) පැවැති කැබිනට් මණ්ඩලයේදි අදහස් දක්වමින් බදුයුඩීන් අමාත්‍යවරයා ජනාධිපති හා අගමැති පැවසුවහොත් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට කැමති බව ප්‍රකාශ කොට ඇති බවත් වාර්තා වෙනවා.