ජනපති වෙන්න ඕන විවේචනයට බයේ මිනිස්සු නොමරන කෙනෙක්…..

0

රජය සහ රාජ්‍ය නායකයා විවේචනය කරනවිට “කේන්ති ගෙන මිනිස්සු නොමරන මිනිහෙක්”, සුදුසු පුද්ගලයෙක් ඉදිරි ජනාධිපති වරණයට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන්නැයි තමන් වෙත යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව භාරගන්නා බවයි.

“සුදුසු පුද්ගලයෙක් දාන්න ඕනේ. රජය සහ රාජ්‍ය නායකයා විවේචනය කරනකොට කේන්ති අරං.. මිනිස්සු නොමරන මිනිහෙක් දාන්න ඕනේ. ඒ වගේම මේ මොහොතේ රටේ සිටින සුදුසුම කෙනා කාදිනල් හිමියන් කියලයි මම නම් හිතන්නේ. උන් වහන්සේ මේ දිනවල ඉතාම ජනප්‍රිය චරිතයක්” මන්ත්‍රීවරයා පවසා සිටියා.