වසීම් ඝාතනයට කිසිවෙක් තවමත් අත්තඩංගුවට ගෙන නෑ…… තොරතුරු වසන් කළාට SDIG අනුර සේනානායකට අධිචෝදනා ගොනු වේ!

0

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ සහ අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව කොළඹ මහාධිකරනණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

2012 වර්ෂයේ මැයි මස 17 දා රගර් ක්‍රීඩක  වසීම් තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ සිය මෝටර් රථයෙන් ගමන් කළ අවස්ථාවේ අනතුරක් සිදු වූ ආකාරයට මිය ගොස් තිබුණි . කෙසේවෙතත් එම  මරණය මිනීමැරුමක් බවට මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හෙළි විය. ඒ අනුව එම මරණයට වගකිවයුතු සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අධිකරනය නියෝග කර තිබුණි .

එසේ වුවත් මිනී මැරිමේ චෝදනාවට මේ වන තෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැත.

ඒ අනුව ඔහුගේ මරණයට අදාළව තොරතුරු වසන් කිරීමේ චෝදනාවට  හිටපු ජේෂ්ඨ නියොජය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති  සුමිත් චම්පික පෙරේරා සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර යන අය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප පිට නිදහස් කරනු ලැබීය.