අනායනික මුදලාලිලාට UNP අපේක්ෂකත්වය දෙන්නේ නෑ……..!

0

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වයට කිසිවෙකු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසනවා.

රත්නපුර, රක්වාන ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“මම දැක්කා මේ දවස්වල මාධ්‍ය වල යනවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ධම්මික පෙරේරා කියලා. ධම්මික පෙරේරා කියන්නේ මුදලාලි කෙනෙක්. මුදලාලිලාට අපේ අපේක්ෂකත්වය දෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෝ අනායනය කරන්න අවශ්‍ය නෑ. මේ රටේ නැවතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් වෙන්නේ ඔරිජිනල් UNP කාරයෙක් කියන එකයි මට කියන්න තියෙන්නේ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.