ජනපති නිල ෆේස්බුක් පිටුවට අනවසරයෙන් ඇතුල් වුණාද?

0

ඊයේ රාත්‍රියේ 10.25ත් 10.30 ත් අතර කාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල ෆේස් බුක් අඩවියෙන් සජීවි විඩියෝවක් නිකුත් වීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අවධානය යොමු කළ යුතු බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසනවා.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සමුහය පවසන්නේ එහිදි ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් අඩවියට අනවසර ඇතුල් වීමක් සිදු වී ඇත්දැයි විමර්ශනය කළ යුතු බවයි.

ජනපතිගේ ෆේස්බුක් පිටුවට අනවසර ඇතුල්විමක්? ෆේස්බුක් පිටුවෙන් ලයිව්
වීඩියෝවක් පවා මුදාහැරලා

ජනපති සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුවට ඇතුළු වී ඒ හරහා රථවාහන හෝ  වෙනත් යමක් සම්බන්ධයෙන් විනාඩි පහකට ආසන්න ලයිව් වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇති බව දැනගන්නට ලැබෙන අතර මෙම ලයිව් වීඩියෝව එම අවස්ථාවේදී නැරබු ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් දැඩි ලෙස උපහාසයට ලක්කර ඇති බවත් කිසිදු අවබෝධයකින් තොරව විනාඩි කිහිපයක් දක්වා මෙම වීඩියෝව පටිගතකර ඇති බව පෙනී යන අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයින් එම වීඩියෝව විකාශය වන්නේ වැරදි ෆේස්බුක් පිටුවකින් බව දිගින් දිගටම එම වීඩියෝව ප්‍රචාරය වනවාත් සමගම දැනුම්දී තිබෙන අතර ඒ පිලිබදව නොසලකා මෙලෙස ලයිව් වීඩියෝව සිදුකල අවක දක්නට ලැබේ.මෙම ලයිව් වීඩියෝව රාත්‍රී 10.25ට ආරම්භ වී ඇති අතර රාත්‍රී 10.30 වනවිට අවසන් වී තිබේ.

මෙම ලයිව් වීඩියෝ පටය විකාශය වීමත් සමගම ජනපතිගේ නිල ෆේස්බුක් පිටුවට අනවසර ඇතුල්විමක් සිදුවී ඇත්දැයි හෝ ජනපති මාධ්‍ය අංශය මගින් යම් වරදක් සිදුවූයේද යන්න පිලිබදව අදාළ බලධාරීන් විසින් වහාම සොයාබැලිය යුතු බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස දන්වා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය