ඒකාබද්ධ විපක්ෂයේ කඩේ යන මන්ත්‍රිවරුන්ගේ දැන ගැනිම සදහායි….

0

ජාතික බුද්ධි ප්‍රධානියා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට කැදවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කතා කරමින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙලන විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද ඔහුගේ බුද්ධි ප්‍රධානියා මාධ්‍ය හමුවකට කැඳවූ බව අමතක වී ඇත.

සමහර විට එය සිදුවන්නේ ‘අපේ කාලයේ නම් මෙහෙම දේවල් වුණේ නෑ අපේ හාමුදුරුවනේ කියා පපුවට ගසා ගන්නා සිය නායකයාගේ අඩිපාරේ අන්ධ භක්තියෙන් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගමන් කරන නිසා වන්නට ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් එවකට ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතරණ  2010/01/18 දින ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවට කැඳවා ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දුන් බව අපි ඒකාබද්ධ විපක්ෂයේ කඩේ යන මන්ත්‍රිවරුන්ට මතක් කරන්නට කැමැත්තෙමු.

එදින මාධ්‍ය සාකච්ඡාවට පැමිණි කපිල හෙන්දාවිතාරණ පවසා සිටියේ තමන් සාමාන්‍ය සමාජයට නිරාවරණය වූ පළමු අවස්ථාව මෙය වන බවයි. එසේම එදින ඔහු කේ.පි අත්අඩංගුවට ගැනීම හා ඔහු සතු දේපොල පිළිබද හෙළිදරව් කළ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා කේ.පී ගේ වත්කම් ගැන මාධ්‍ය ඇසු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ලබා දුන්නේ එය හෙළි නොකරන බවයි.

නමුත් ජාතික බුද්ධි ප්‍රධානියා කේ පි ගේ වත්කම් සම්බන්ධයෙන් හෙලි නොකළේ ඒවා රාජපක්ෂලාට හොරකම් කිරීමට ඉඩ ලබා දීම නිසා මිස ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොවන බව ද විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අපි ප්‍රකාශ කරමු.

එසේම ලංකාවේ බුද්ධි ප්‍රධානීන් මෙසේ මාධ්‍ය ඉදිරියට හා තේරිම් කාරක සභා ඉදිරියට පැමිණිම වරදක් ලෙස දකින බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් වන්නේ ඇමරිකාවේ බුද්ධි ප්‍රධානින්ද මෙසේ සෙනෙට් මණ්ඩලය ඉදිරියට ගෙනවිත් ප්‍රශ්න කරන අතර එය මාධ්‍යයට නිරාවරණය කරන බවය.

ජාතික බුද්ධි ප්‍රධානියා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවට සහභාගී වූ ජයාරූපය ද පහත දක්වා ඇත.