ගෙදර යනවද……ආයි ඉල්ලනවද කියලා හිතා ගන්න බෑ…… මම හිතන්න හදිස්සි වෙන්නෙත් නෑ – ජනපති

0

දෙසැම්බර් 7 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදි නැවත තරග කරනවා ද යන්න පිළිබඳව තමා තවම තීරණය කොට නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අද (31) සවස්වරුවේ ඉන්දියාවේ මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ පක්ෂ හෝ විපක්ෂ දේශපාලන පක්ෂ කිසිවක් තවමත් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කොට නොමැති බවයි.

“ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මේ වසරේ අවසානයේ මැතිවරණය පැවැත්වෙනවා දෙසැම්බර් 7 වෙනිදා. ශ්‍රි ලංකාවේ මැතිවරණ කොමිසම එසේ ප්‍රකාශයක් කරලා තිබෙනවා. මැතිවරණයට අපට තව කල් තියනවා.  කිසිම දේශපාලන පක්ෂයක් මෙතෙක් අපේක්ෂකයෙක් තොරලා නෑ ආණ්ඩුව හෝ විපක්ෂය කිසිම පක්ෂයක්. ඒ නිසා මටත් හදිස්සියක් නෑ. අනිත් පක්ෂ තෝරනකම් ඉන්නවා මමත් මගේ තීරණයට.”  ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියා.