රටේ නැවත ත්‍රස්තවාදය ඇති නොවන්න ප්‍රති ත්‍රස්ත පනත අවශ්‍යයි…….!

0

අයි.එස් ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රති ත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ වගකීම නිසි අයුරින් දරමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීමට ක්‍රීයාකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් මාතලේ සංඝමිත්තා විදුහලේ පැවැති උත්සව අවස්ථාවට ඊයේ (01) එක්වෙමින් අගමැතිවරයා සඳහන් කළේ අයි.එස්. ත්‍රස්තවාදයේ පදනම ජාතිවාදය බවත් ඒ බව අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා අනන්‍යතාවය පදනම් කොට ගත් ප්‍රති ත්‍රස්ත වැඩසටහන් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ සැලසුම් සකස් කළ යුතු බවත් ය.

එම උත්සවය අමතා තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූයේ අයි.එස්. සංවිධානය වෙත පුද්ගලයන් එක්වීම වැළැක්වීම, ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම හා යම් හෙයකින් ප්‍රහාරයක් සිදුව හොත් එයට මුහුණදීම යන අංශ තුන පිළිබඳවම සැලකිල්ල යොමු කළ යුතු බවය.

ලෝකයේ නවීන තාක්‍ෂණය භාවිත කරන ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට අප කටයුතු කළ බව ද වික්‍රමසිංහ අවධාරණය අගමැතිවරයා අවධාරණය කළා.