සියළුම මුස්ලිම් රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූර අතහරී……!

0

ආණ්ඩුවේ ධූර දරන සියළුම මුස්ලිම් රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූර වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා.

මේ වන විට අරලියගහ මන්දිරයේදි පැවැත්වෙන මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සියළුම මුස්ලිම් ජනතාව නියෝජනය කරන අමාත්‍යවරුන් මෙම තීරණය ඒකමතිකව ගත් බවයි. එසේම මේ තීරණය ගැනීමට ප්‍රථමව අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පවසා සිටියා.

එසේම ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත් වූවද ආණ්ඩුව බලයෙන් පහ කිරීමට කිසිදු බලවේගයකට සහය නොදෙන බවත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් ලෙසට ආණ්ඩුවට සහය දක්වන බවත් ඔහු මෙහිදි සඳහන් කළා.