තවත් කළු ජූලියක් එපා……. සියළු ශ්‍රි ලාංකිකයන් අත්වැල් බැඳ ගමු……..

0

IS ත්‍රස්තවාදය මුවාවෙන් රටේ ජාතිවාදි කලබල ඇති කිරීමට උත්සහ ගන්නා මුස්ලිම් හා සිංහල අන්තවාදීන්ට එරෙහිව හා තවත් කළු ජූලියක් ඇති කිරීමට කුරුමානම් අල්ලන පිරිසට එරෙහිව සියළු ශ්‍රි ලාංකිකයන් අත්වැල් බැඳ ගත යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“IS ත්‍රස්තවාදය අපේ හමුදාව පොලිසිය ජයගෙන තිබුණත් අනෙක් පැත්තෙන් මේ IS ත්‍රස්තවාදයට මුවා වෙමින් මේ රට තුළ අන්තවදි කෝලාහල ඇති කිරීමට කුරුමාණම් අල්ලන කණ්ඩායමක් ඉන්නවා. අනික් පැත්තෙන් තවමත් මේ රට තුළ කළු ජූලියක් ඇති කිරීමට කුරුමාණම් අල්ලන කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට විරුද්ධවයි අපේ රටේ සියළුම ශ්‍රි ලාංකිකයන් අද අත්වැල් බැඳ ගත යුත්තේ. මේ රටට ආදරය කරන තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන කැක්කුමක් තියන, මේ රට ගැන කැක්කුමක් තියන අපි සියළු දෙනාම ඒ අය සිංහල, ක්‍රිස්තියානි, දෙමළ, මුස්ලිම් වෙන්න පුළුවන් ඒ අය එකතු වෙලා මේ ව්‍යසනයට එරෙහිව ක්‍රියා කරන්න ඕන. 83 කරපු මෝඩකම් යලි වතාවක් කරලා අපේ රට සදහටම අනාථ කරන්න එපා.” අමාත්‍යවරයා පවසා සිටියා.