වැරැද්ද කරන්නේ ජනාධිපති………, බැනුම් අහන්නේ අපි…….. මුව හමට තඩි බානවා ඉවරයක් නෑ….

0

පවතින සියළු සත්‍ය යටපත් කරමින් රටේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීම ඒකාබද්ධ විපක්ෂයේ එකම අරමුණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසනවා.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ආණ්ඩු පක්ෂය හැටියට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා නම් මම මුලින්ම අත්සන් කරනවා. මම හිතුනොත් ඒකේ වගකීමත් ගන්නවා. මොකද දැන් වෙලා තියෙන්නේ මේකේ වගකීම ගන්න ඕන කෙනා ඒ පුද්ගලයා මේකෙන් ගැලවිලා ඉන්නවා මේ කොහේද ඉන්න අපි ගුටි කනවා. දැන් අර මුව හමට තලනවා වගේ මේ අපිට තලන්නේ. දැන් ඒ පහර දෙන්න ඕන කෙනාට දෙන්නේ නෑ. එයා පැත්තක තියාගෙන මේ කොහොවත් ඉන්න අපිව අල්ලගෙන අපිට පහර දෙනවා උදේ, දවල් රෑ ඉදගෙන. දැන් මේ තේරීම් කාරක සභාව හරහා ඇත්ත හෙලිවෙනවා. ඒ වෙනකොට අපිට බලාගන්න පුළුවන් කාට විරුද්ධවද දෝෂාරෝපණය ගේන්න ඕන. කාට විරුද්ධවද විශ්වාසභංගය ගේන්න ඕන කියලා. ඒකාබද්ධ විපක්ෂය ඒක කරන්නේ නැතුව අර කොහේවත් ඉන්න බදුයුදීන් අල්ලගෙන එයාට විරුද්ධ විශ්වාසභංග ගේනවා. ඒකයි කිව්වේ ඒ අයට ඕන ඇත්ත යට ගහන්න. තේරිම්කාරක සභාවට එන්නේ නැත්තෙත් නැත්තේ ඒකයි. ඒ ගොල්ලන්ට ඕන මේක යට ගහලා ජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවලා මේ රටේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරන්න. ඒ ප්‍රාර්ථනාව තියන අය පහුගිය කාලයේ කරපු කතා ඇහුවම අපිට තේරෙනවා.”මන්ත්‍රිවරයා සඳහන් කළා.