තමන් අත්තඩංගුවට ගෙන සහරාන් පිළිබඳ විමර්ශනය නතර කොට ජාතික ආරක්ෂාව අනතුරේ දැමු හැටි නාලක සිල්වා පාස්කු කොමිසමට කියයි…….

0

තමන් අත්තඩංගුවට ගැනීම නිසා සහරාන් පිළිබඳව පරීක්ෂණ ඇණ හිටි බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පවසනවා.

අද (04) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.

අන්තවාදය ප්‍රචණ්ඩත්වය දක්වාත් ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදය දක්වාත් ගමන් කිරීම වැළැක්වීමට ප්‍රථමයෙන් කටයුතු කළ යුතු බව හිටපු පොලිස්පති වරයා මෙහිදි පවසා සිටියා.

අමාත්‍ය රවි කරුණානායකගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් DIG නාලක සිල්වා සඳහන් කළේ 2013 2014 වසරේදි සහරාන් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් ප්‍රථමයෙන්ම ඔහුගේ වෙබ් අඩවි, ෆේස්බුක් ගිණුම් හා අන්තර්ජාලයේ ඇති ඔහුගේ දේශන පිළිබඳව විමර්ශනය යොමු වූ බවයි.

නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාව අනතුරේ දැමු හැටි….

නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාව අනතුරේ දැමු හැටි….

Posted by Lanka News Alert on Tuesday, 4 June 2019