ජනාධිපතිවරණය අරමුණු කරගත් සංවිධානාත්මක ජාතිවාදි අරගල ක්‍රියාවලියක් රට පුරා ක්‍රියාත්මකයි!

0

රට පුරා ජාතිවාදය අවුස්සා සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට සංවිධානාත්ම ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත් ලබන ජනාධිපතිවරණය දක්වා එය ක්‍රියාත්මක විය හැකි බවට තොරතුරු ලැබෙමින් පවතින බවත් අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කරනවා.

අද (04) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ තා ඉක්මනින් මේ රටේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න රජය හා ත්‍රිවිධ හමුදාව ක්‍රියා කළ බවයි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සති තුනකට පස්සේ නොයෙකුත්  අවස්ථාවාදි බලවේග මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න සංවිධානාත්මක වැඩ සටහනක් දැනට රටේ ක්‍රියාත්මක වන බව අපට ඉතාමත් පැහැදිළියි. ඒනිසා අපි රජයක් හැටියට මේ තර්ජනයට මුහුණ දීමට අපිට ශක්තිය තියනවා කියලා අපි පැහැදිළිව කිව යුතුයි. මොකද අපේ රටේ අනාගතය ඉතාමත් තීරණාත්මක තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම දකින්නේ ගොඩාක් තරුණ මාධ්‍යවේදීන් පිරිසක් මෙතන. මම හිතන්නේ නැහැ 83 මේ තරුණ මාධ්‍යවේදීන්ට මතකයි කියලා. මම පුංචි කොල්ලෙක් ඒ කාලයේ. රජය එතකොට වැරදි තීරණයක් ගත්තා ඒ කාලයේ අමිර්තලිංගම් මහත්තයාව පාර්ලිමේන්තුවෙන් එලියට ඇදලා දාන්න. මගෙ තාත්තාත් ඒ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ඒ කාලේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙච්ච නියෝජිතයෙක්ව අපි වාතාවරණය හැදුවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් එලියට පාර්ලිමේන්තුවෙන් එලියට තල්ලු කරන්න. එතැන විශාල හිඩැසක් ඇතිවුණා. ඒ හිඩස තමයි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එතනට ඇවිල්ලා පිරෙව්වේ. ඉතින් අපි නැවතත් එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබිය යුතුයි. දැන් අපි කරන්නේ අපිට පේනවා සමාජයේ යම් ප්‍රවණතාවයක් මධ්‍යස්ථ මතධාරීන් කොන් කිරීමේ උත්සහයක්. මම කැමතියි හිතන්න මේ කාමරයේ සියළු දෙනාම අන්තවාදීන් නොවේ කියලා. අපි මධ්‍යස්ථ මතධාරීන්. ඒ නිසා ඒ මධ්‍යස්ථ මතයට අද එලියට එන්න විශාල අවහිරයක් වෙලා තියනවා. එම නිසා නැවතත් 83 වගේ තත්ත්වයක් ඇති නොකොට මම මාධ්‍ය ආයතන වලිනුත් ඉල්ලන්නේ අපි අපේ රට ගැන හිතලා අපේ දේශපාලනය වෙනස් වෙන්න පුළුවන් බලය කියන්නේ ඇත්තටම බලය පිටිපස්සේ යාම හා බලය රඳා පැවතීම. මගේ තාත්තා මට කිව්වේ දේශපාලනය කියන්නේ ඕකයි කියලා. බලය  පිටිපස්සේ යාම හා බලය රඳවා තබා ගැනීම. Going after power and returning power. ඉතින් දැන් යන්නේ බලය පිටිපස්සේ හඹා යාම. ඒක තව මාස පහකින් ජනාධිපතිවරණයක් එනවා ඒකෙදි අපිට මුහුණ දෙන්න පුළුවන්. නමුත් කරුණාකරලා රට අස්ථාවර කරන්න එපා මේ වගේ ජාතිවාදි ස්වරූප ගනිමින්. ඉතින් මම බොහෝම කරුණාවෙන් ඉල්ලනවා අපි මධ්‍යස්ථ මතවාදයක්, මධ්‍යස්ථ දේශපාලනයක් කරා රට ගෙනි යමු කියලා.

අන්තිමට මම කියන්න කැමතියි අපි රජයක් විදියට මේ ඇති වුණ තත්ත්වය මිනිස් ජීවිත වලට මුදලක් දාන්න බෑ. නමුත් ඇති වෙලා තිබෙන ආර්ථික අලාභ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අබාධිත වූ හා අනාථ වූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 500ක් විශේෂිත ලමා අරමුදලක් අපි ඇති කරලා තියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අපි මිලියන ගාණක් ගෙවලා තියනවා. 174 දෙනෙකු වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී තිබේ.  තුවාල සිදු වු 407 දෙනෙකු අතරින් 226 දෙනෙකු ගේ වෛද්‍ය වාර්තාඅ දැනට ලැබි ඇති අතර ඒ සියළු දෙනා වෙනුවෙන් වන්දි ලබා දි තිබේ. ඉතිරි වෛද්‍ය වාර්තා ලබා දුන් විගස වන්දි ලබා දීමට පියවර ගෙන තිබෙනවා. විනාශ වූ දේවස්ථාන සම්පූර්ණයෙන් පිළිසකර කිරීමට මුදල් වෙන් කරලා තියනවා. ඉතින් මේ විදියට අපි ආර්ථික වශයෙන් ඒ ඇති වුණ තත්ත්වයට යම් කිසි සහනයක් ලබා දීමට කටයුතු කරලා තියනවා. ඒ වගේම මේ වගේ විශාල විනාශයක් ඇති වුණාම රට ඇතුලේ ආර්ථික තත්ත්වය ගැන ගැටළු රාශියක් ඇති වෙනවා. අපි ඊයේ අගමැතිතුමා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්තයා අතර විශේෂ සාකච්ඡාවක් තිබ්බා. රටේ ආර්ථික ප්‍රතිජීවනයක් ඇති කිරීමට ගත යුතු පියවර මොනවද කියලා. රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට  සාපේක්ෂව ශක්තිමත් කරලා තියනවා. ඇත්තවශයෙන්ම මම මේ දේශපාලකයෙක් කියන තැනින් ඔබ්බට ගිහිල්ලා කතා කරන්නේ පොඩ්ඩක් ආර්ථිකය ගැන දන්න කෙනෙක් විදියට. සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් වුණාම ඒ රටේ තියාන් මූල්‍ය තත්ත්වය ඒ රටේ තියන මුදල් වර්ගය සාමාන්‍යයෙන් දුර්වල වෙනවා. නමුත් අපේ රටට එහෙම දෙයක් වෙලා නෑ. අපේ රටේ රුපියල හා අමෙරිකානු ඩොලරය අතර ඇති ඒ ශක්තිය එලෙසම තබා ගන්න අපිට මහ බැංකුවට හැකි වෙලා තියනවා.

There is a very clear plan to destabilized the country through communal tensions. එම නිසා එක පරිච්ඡේදයකින් තවත් පරිච්ඡේදයයකට යන්න සැළැස්මක් තියෙන්න ඇති.. ඉතින් මේක දිගටම ජනාධිපතිවරණය වෙනකම් ගෙනියන්න තමයි උත්සහය තියෙන්නේ. ඒකයි අපිට ලැබෙන ආරංචි. දිගටම මුස්ලිම් සිංහල භේදය තවත් වැඩි කරලා විෂබීජ තවත් දාලා  ගින්නට තවත් පෙට්‍රල් දාන්න තමයි උත්සහය. ඒක මම හිතන්නේ රටේ බුද්ධිමත් ජනතාව දැන ගත යුතුයි.”