රතන හාමුදුරුවෝ කළේ තක්කඩි වැඩක්…… දැන් වීරයෝ ගොඩයි…..ආයි මේක කොල්ලකන්න දෙන්නේ නෑ – රතන එරෙහිව ඥාණසාර

0

පුද්ගලයන් තිදෙනෙකු පමණක් ඉලක්ක කරගෙන අතුරලියේ රතන හිමි දියත් කළ අවස්ථාවාදී වැඩෙන් සිදුවන්නේ සම්ප්‍රදායික මුස්ලීම් මිනිසුන් අන්තවාදයට තල්ලු කිරීම බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි චෝදනා කළා.

ඊයේ (04) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

“සහරාන්ලාගේ අන්තවාදය පරාජය කිරීමට සිංහල සමාජයට වඩා උදව් කළේ මුස්ලීම් මිනිස්සු. උම්මත්තක අන්තවාදයට එරෙහිව රොද බැන්දේ සම්ප්‍රදායික මුස්ලීම් මිනිස්සු.

දැන් මේ වෙන වැඩ වලින් මොකක්ද වෙන්නේ. ඒ සම්ප්‍රදායික මුස්ලීම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු වෙන්න පුලුවන්. මේ මොන අපරාධයක් ද කරන්නේ මේ මිනිස්සු .

තක්කඩි විදිහට තමන් ගැන පමණක් හිතන ආත්මාර්ථකාමීන් ටිකක් ඇවිත් මේක ඉස්සරහා හිටගෙන මෙය වෙන පැත්තකට ගෙන යන්න හදනවා. දැන් හරි වීරයෝ..වීරයෝ ගොඩයි.. නායකයන් ගොඩයි. පුද්ගලයන් තුන් දෙනෙක් ඉලක්ක කරගෙන , හිස් පංචස්කන්ධ තුනක් මුල්කරගෙන රතන හාමුදුරුවොත් ගිහින් වාඩි වෙනවා උපවාසයකට.

දැන් ඒ උපවාසයට හරි වාඩි වෙන්න තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් සතියකට විතර පස්සෙනෙ. එහෙම වාඩිවෙලා කිව්වා නම් මුස්ලීම් මන්ත්‍රීවරුන් කට්ටිය පැත්තකට වෙන්න මේ ප්‍රශ්න ටික විසඳා ගන්නකල්, කියලා කිව්වා නම් සාධාරණයි.

දැන් මේ පුද්ගලයන් තුනද ප්‍රශ්නය ? මේ වගේ වැඩ වලින් වෙන්නේ , ඔන්න මම අද කිව්වා කියලා හිතේ තියාගන්න , සිංහල මුස්ලීම් කෝලාහලයක් මේ රටේ නිර්මාණය වෙනවා.

ඒක ඊයේ සිද්ධ වුණා හාමුදුරුවන්ගේ උපවාසය නිසා. පුද්ගලයෝ තුන් දෙනෙකුට ගැහුවා. හැබැයි උලමා සභාව ගැන උන්වහන්සේ කතා කලේ නෑ . ශූරා කවුන්සිලය ගැන කතා කලේ නෑ. මුස්ලීම් කවුන්සිලය ගැන කතා කලේ නෑ .

ඔය මුස්ලීම් දේශපාලනඥයින් වගේම තමයි අපේ සිංහල දේශපාලනඥයින් . මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා නැද්ද , අපරාධකරුවන් සමග සම්බන්ධතා නැද්ද .. එහෙනම් උන්ටත් විරුද්ධව උපවාස කරන්න එපාද ?

සාකච්ඡාවක් නැතුව ජාතික න්‍යාය පත්‍රයක් නැතුව වැඩ කරන්න ගියාම ඒ වැඩ වලින් ජාතික න්‍යාය පත්‍රය බිද වැටෙනවා. ඉස්ලාම් අන්තවාදය පරාජය කරන සටනේ කොන්දේසි නෑ. ඒ නිසා උන්වහන්සේ ලඟට ගිහිල්ලා කිව්වා කරුණාකරලා මේක නවත්ත ගමු. දැන් ඉල්ලා අස්වෙන්න නම් ඕන අපි ඒක කරගමු. දැන් කල් දුන්නා 12 වෙනකම්. හැබැයි අවසානයේ දි බලාපොරොත්තු වුණ දේ නෙමෙයි නේ වුණේ විද්දේ කොහාටද වැදුනේ කොහාටද වගේ වැඩක් නේ වුණේ. ඒනිසා මින් පස්සේ මේක කාටවත් හසුරුවන්න දෙන්නේ නෑ. මේ ප්‍රශ්නයට අවංකව මහන්සි වෙලා දරදිය ඇදලා එක මතයක හිටියේ මම. ඒනිසා මේක කොල්ල කන්න එන්න එපා. කොල්ල කන්න දෙන්නේත් නෑ. එක වැඩ පිළිවෙළකට යටත් වෙලා මේක ගෙනියන්න ඕන. එක නායකත්වයයි තියෙන්න ඕන.” උන්වහන්සේ පවසා සිටියා.