සිරිසේන ජනපති විශ්වාස නෑ………. ඒ සහය එජාපයට ඕනේම නෑ – පසුපෙළ අගමැතිට කියයි

0

ඉදිරි ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහයෝගය ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්ෂයට හානියක් වනු ඇති බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම්දීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමා දින 52 ක කාලයක් මහින්ද රාජපක්ෂ අගමැති කොට ආණ්ඩුවක් පිහිටුවීම හේතුවෙන් පාක්ෂිකයා ඔහු කෙරෙහි කළකිරී සිටින බැවින් මේ අවස්ථාවේ ඔහුගේ සහාය ගැනීම පාක්ෂිකයා කළකිරවීමක් බවද පෙන්වා දීමට පසුපෙළ මන්ත්‍රීවරු තීරණය කර තිබෙනවා.

එම නිසා මෛත්‍රිපාල සිරිසේන සත්භාවයෙන් සහාය දීමට ඉදිරිපත්වූවත් ඔහුගේ සහාය ගැනීම පක්ෂයක් ලෙස අවාසියක් බවද පෙන්වාදීමට ඔවුන් සාකච්ඡා කර ඇත. ඇමති මණ්ඩලයේ සිටින සාමාජිකයින් බහුතරයක්ද ජනාධිපතිවරයාගේ සහාය ලබා ගැනීමට අකමැති බවද පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිවරයා දැනුම්වත් කිරීමට තීරණය කර ඇත.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීද මේ ගැන කතා කරන බව කී එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල්  පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ තීරණය පාර්ලිමේන්තුවේදි අද (06) අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දෙන බවද කීවේය.