මංගලගේ අත්සනින් යුතුව පාප් වහන්සේට යැවූ ලිපිය බොරුවක්……….. නිසි පරීක්ෂණයක් කරන්න මංගල CIDයෙන් ඉල්ලයි……

0

පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක් යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් කාදිනල් රංජිත් හිමිපාණන්ව විවේචනය කරමින් පාප් වහන්සේ වෙත යවන ලැදැයි සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ සඳහන් කරනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂය සහ අමාත්‍යවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් මෙවැනි ලිපියක් නිර්මාණය කිරීම බරපතල කරුණක් බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත් වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (07) පැමිණිල්ලක් ගොනු කළ බවත් ය.

අමාත්‍යවරයා විසින් සකස් කළ බවට වන ව්‍යාජ ලිපිය,