ජනපති බලපෑමෙන්…….?, සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වෙයි……

0

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි ලෙසට සේවය කළ සිසිර මෙන්ඩිස් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්වි තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව දිගින් දිගටම ජනපති ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම් සිදු කළ බවත් එම හේතුව හා සිය පෞද්ගලික සෞඛ්‍ය යන හේතුව නිසා තමා මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සිසිර මෙන්ඩිස් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධි නිවේදනය අප්‍රේල් 8 වෙනිදා වන විට තමන්ට ලැබුණු බවත් තමන් එය ආරක්ෂක ලේකම්ට හා අදාළ අංශ වලට දැනුම් දුන්නද ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ඔවුන් නොගත් බවත් ය.