ජාතික ආරක්ෂාව අනතුරේ දමා ජනපති බෝලේ පාස් කළ හැටි පාස්කු කොමිසමෙන් එලියට…….රාජ්‍ය මාධ්‍ය ආයතනවලටත් ජනපති තග දමයි……..

0

පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගේ කර මත පටවා නිදහස් වන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගන්නා ලද උත්හසය ව්‍යර්ත වී තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට පෙර අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදි ජනාධිපතිවරයා නීතිය නැමු බවට පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබා දුන් සාක්ෂි සමඟය.

නාවික හමුදාවේ පිරිසක් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලදි 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ස්ථානාධිපති නිශාන්ත සිල්වා මීගමුවට මාරු කරනු ලැබුවේ ද ජනාධිපති විසින් බව පොලිස්පති පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ පවසා ඇත.

එසේම නිශාන්ත සිල්වා ගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළි කරන ලැදැයි තමන් සමඟ අමනාප වී ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලට සහභාගි කර නොගත් බවද මෙහිදි පොලිස්පතිවරයා පවසා ඇත.

මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පවසා සිටියේ තමන් අත්තඩංගුවට පත් වීමට ප්‍රථමව sසහරාන්ව අත්තඩංගුවට ගැනීමට සැළසුම් කළ ද තමාගේ අත්තඩංගුවට පත් වීමත් සමඟ එය නතර වූ බවයි.

මේ අනුව රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව ක්‍රමයෙන් කොමිසම හමුවේ සාක්ෂි මගින් හෙලි වෙමින් පවති.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කර ඇති පාර්ලිමේන්තු කොමිසම හමුවේ සාක්ෂිකරුවන් විසින් ලබා දෙන සාක්ෂි රජයේ මාධ්‍ය ආයතන වල ප්‍රචාරය කරන බවට තමන් විරුද්ධ බවත් තව දුරටත් ප්‍රවෘත්ති ප්‍රකාශ වල කොමිසම සාක්ෂි විභාගයන් පෙන්නුවහොත් එම මාධ්‍ය ආයතන පවරා ගැනිමට ක්‍රියා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම මාධ්‍ය ආයතන වන පාලන අධිකාරියන්ට දන්වා ඇති බවත් වාර්තා වේ.