සිරිසේන ජනපතිට ප්‍රශ්නය ඇත්තේ රනිල් එක්කද? එජාපයෙන් ජනපති ඉල්ලන වෙනස කුමක්ද?

0

ඉදිරි ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇති ආණ්ඩුව ඉවත් කොට අලුත් ආණ්ඩුවක් පත් කිරීමට ජනාධිපතිගේ සැළැස්ම මදක් වෙනස් කොට ඇති බවක් වාර්තා වෙනවා.

එයට උදාහරණ වශයෙන් පසුගිය 04 වෙනිදා කැබිනට් රැස්වීමෙන් අනතුරුව එජාප මන්ත්‍රිවරුන් අමතමින් ජනාධිපති විසින් කළ ප්‍රකාශය පෙන්වා දිය හැකිය.

ඔහු එහිදි පවසා ඇත්තේ එජාපය අලුත් මුහුණුවරකින් පැමිණෙන්නේ නම් තමාට සහය දීමට හැකි බවය.

එසේම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ දේශපාලනය කිරීමට තමාට අදහසක් නොමැති බවත් එජාපය නව මුහුණුවරකින් මැතිවරණයට නොපැමිණෙන්නේ නම් නිහඬව සිටිමට තීරණය කොට ඇති බවද පවසා ඇත.