ජයග්‍රහණයෙන් පසු සිය ප්‍රථම නිල විදෙස් සංචාරය අරඹමින් මෝදි ලංකාවට………

0

ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත් වූ නරේන්ද්‍ර සිං මෝදි සිය ප්‍රථම නිල විදේශ වෙනුවෙන් අද (09) දහවල් ලංකාවට පැමිණියා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවට පැමිණි ප්‍රථම විදේශ රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අගමැතිවරයයි.

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

හමුදා ගෞරවාචාර මධ්‍යයයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උණුසුම් අන්දමින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ පර්යන්තය කරා කැඳවාගෙන එනු ලැබීය.

එහිදී විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සිය සටහන තැබූ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ සමග එකම රථයකට ගොඩවී කොළඹ බලා විශේෂ රිය පෙරහරකින් පිටත් වූයේ සුහඳ සාකච්ඡාවක නියැළෙමින්ය.

අනතුරුව අගමැති මෝදි කොළඹ කොච්චිකඩේ ගාන්ත අන්තෝනි දේවස්ථානයේ නීරීක්ෂණ චාරිකාවකද නිරත විය.