රාජපක්ෂවරුන්ට හීන් දාඩිය දම්මවමින් ලසන්ත වික්‍රමතුංග, තාජූඩීන් ඝාතනයේ විමර්ශන කඩිනම් කිරීමට නීතිපතිගෙන් නියෝග……

0

ආන්දෝලාත්මක සහ මහජන අවධානයට  තුඩුදුන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය ඇතුළු  සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒවාට අදාල සම්පුර්ණ විමර්ශන වාර්තා තමා වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් අද (13)  වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී ඇත .

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් ඇක්ෂන් ෆාර්ම් රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදී සිද්ධින්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පවසා සිටියා.

මෙම  අපරාධ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර උද්‍යෘත නිතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇත.