පක්ෂයේ ලොකු පුටුවල සිට ජනපතිට තොරතුරු දෙන ජනපති ඔත්තුකරුවන් එජාපය ඇතුලේ……. එජාපය දේශපාලන අර්බුදයක් අභියසද…..?

0

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා වලදි සාකච්ඡා වන සියළුම කරුණු එසැනින් ජනාධිපතිවරයා වෙත වාර්තා වන බවත් එම හේතුව නිසා පක්ෂය ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයට පත් වී ඇති බවත් වාර්තා වෙනවා.

කැබිනට් මණ්ඩලයට පෙර එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය කණ්ඩායම පවත්වන සාකච්ඡා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පවත්වන සාකච්ඡා වල තොරතුරු මෙලෙස ජනාධිපතිවරයාට වාර්ත වන බවයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම මෑතකදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ලබා දුන් අමාත්‍යධූර භාර ගනු ලැබූ මන්ත්‍රිවරුන් එම ධූර පිළිගෙන ඇත්තේ පක්ෂ නායක හා අගමැති වික්‍රමසිංහගේ අනුමැතියෙන් තොරව බවත් වාර්තා වුණා. එසේම වසන්ත සේනානායක විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරය බාර ගෙන ඇත්තේද අගමැතිවරයාගේ අනුදැනීමකින් තොරව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පක්ෂයේ ඉහළ පුටුවල ඉටිමින් පක්ෂ අභ්‍යන්තර තොරතුරු මෙලෙස ජනාධිපතිවරයා වෙත ලබා දීම පක්ෂ විනයට හා සමගියට දැඩි හානියක් බවත් එය එජාප නායකයාට ඉදිරියෙදි මුහුණ දීමට සිදුවන තවත් අභියෝගයක් බවත් ජේෂ්ඨ අමාත්‍යවරයෙක් අප සමඟ පවසා සිටියා.