ජනාධිපතිගේ පාස්කු කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පත් වූයේ කෙසේද…..?

0

අප්‍රේල් 21 පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපති පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත මලල්ගොඩ පත් කිරීම සිදු කළේ කෙසේද යන්න නීති කේෂ්ත්‍රයේ විද්වතුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුට ජනාධිපති විසින් සිය අභිමතය පරිදි වෙනත් වගකීමක් පැවරිය හැකි නමුදු එවැනි වෙනත් වගකීමක් දැරීම විනිසුරුවරයෙකුට සිය ආචාර ධර්ම හරහා ඉඩක් නොමැති බවයි නීති විද්වතුන් පවසන්නේ.

අදාළ පත්වීම සඳහා අගවිනිසුරු අවසරය ලබා දුන්නේ ද නොඑසේනම් වෙනත් නීති තමයක් මත එම පත් වීම සිදු කළේ ද යන්න සෙවිය යුතු බවත් ඔවුන් පවසනවා .