ඉන්දියාවට ගහන පකිස්තාන සැලැස්මක් හෙළිවේ

0

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට පකිස්ථානයේ අයි.එස්.අයි. ඔත්තු සේවයේ සැලැස්මක් පවතින බව තමිල්නාඩු පොලීසිය විසින් එරට අධිකරණයක් වෙත දැනුම් දී තිබේ.

ඉන්දීය නාවික හමුදා මූලස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කිරීමට මෙසේ සැලසුම් කර ඇති බවයි සදහන් වන්නේ.පසුගිය දිනවලදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ පාකිස්තාන අයි.එස්.අයි.ඔත්තු සේවයට සම්බන්ධ අයෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව මෙම කරුණු සොයා ගෙන තිබේ.

මොහුගෙන් මීට පෙර කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඉන්දියාවේ අමෙරිකානු කොන්සල් කාර්යාලය සහ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.