එජාපය ඉන්නේ ජනාධිපති වට්ටන කුමන්ත්‍රණයක…..ශ්‍රිලංනීපය දැන්වත් ආණ්ඩු කුණුගොඩෙන් ගැලවෙන්න ඕන….

0

ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසනවා.

ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“DIG පිටිපස්සේ ඉන්නේ පොලිස්පති කියන එක බොහෝම පැහැදිළියි. මේ දෙන්නා පසුගිය දවසක කැළනියේ බෝධි පූජාවකුත් තිබ්බා. පොලිස්පති පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. ඒ නිසා මේ කුමන්ත්‍රණය රාජ්‍ය මට්ටමේ හානියක් විදියට තමයි අපි සලකන්නපුළුවන් වෙන්නේ. මේක සරළව යවන එක රටට හොඳ නෑ, ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නෑ, නීතියට හොඳ නෑ. ඒ නිසා තමයි අපි ජනාධිපතිතුමාටයි, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටයි කියන්නේ ඔය කුණු ගොඩෙන් ඉවත් වෙලා එන්න කියලා. රෝ ඔත්තුකරුවාත් එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක්. ජනාධිපතිතුමා එහෙම දෙයක් කියලා නෑ. නමුත් කැබිනට් එක ඉවර වුණාට පස්සේ ඇමතිවරු කිහිප දෙනෙක් ගිහිල්ලා එහෙම දෙයක් කිව්වා කියලා කියලා. එවෙලෙම අගමැතිතුමා ඉන්දියාවට කතා කරලා මේ ගැන දැනුවත් කරන්න වෙලාවල් ඉල්ලලා. මේ ක අවුස්සලා, මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා, මේ රටත් එක්ක, ජනාධිපතිතුමත් එක්ක ඉන්දියාවේ තියන හොඳ හිත පළුදු කරලා, රට ගැන තියන සහෝදරත්වය විනාශ කරන කුමත්‍රණයක් තමයි ඒක.” මන්ත්‍රිවරයා පවසා සිටියා.