ඉන්දීය සංචාරය අවසන් … මෛත්‍රී-රනිල් හදිසි හමුවක්

0

සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත අද (22) දහවල් ඉදිරිපත් කර තිබේ.

ඉන්දීය සංචාරයේදි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුව කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද දහවල් පැවැත්වුන අතර ඔහුන් දෙදෙනා අතර පමණක් පැවැති එම සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තාවේ.

ඉන්දීය නිල සංචාරයේදි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සහ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං සමඟ හුවමාරු වූ අදහස් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සවිස්තරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වාර්තා කරනු ලැබීය.

ඊට අමතරව රාහුල් ගාන්ධි මහතා ප්‍රමුඛ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ හමුවී කළ සාකච්ඡාවේ කරුණු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ හමුවේදි සව්ස්තරාත්මකව දැනුම් දුන් බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.