අර්ජුනට පහරදෙන්න ආ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස රක්ෂිත බන්ධනාගාරයට

0

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ වූ ‍සිද්ධිය මෙහෙයවූ බව සී. සී. ටී. වී. කැමරාවලින් හෙළිවන පොහොටුවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස දීගනගේ යන අය ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඒ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. ඊයේ රාත්‍රියේ අත්අඩංගුව ගත් ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී චෝදනා හතරක් යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරීමට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පියවරගෙන තිබෙනවා. ඒ අයුතු ජනරාශීය, අයුතු ඇතුළුවීම, පහරදීම සහ අයුතු අවහිරය යන චෝදනා යටතේයි.

අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ‍මෙම පුද්ගලයා සමඟ සිද්ධිය මෙහය වූ බවට බන්දුල සමන් කුමාර නැමැත්තෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෙක්. එම කලහකාරී සිද්ධියේදී ඔවුන් ආවේගශීලීව හැසිරුණු අයුරු දැක්වෙන සී. සී. ටී. කැමරා දර්ශන බලන්න


ආණ්ඩුවේ කුලී මැරයන්ගේ ප්‍රහාරය අර්ජුනගේ කරේ ගහන්න බැරි වෙයි…