රසායන අවි හා පොකුරු බෝම්බ චෝදනා බොරු….

0

මෙරට යුද්ධයේදී රසායන අවි හා පොකුරු බෝම්බ භාවිතා කළ බවට නගන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ලෙස ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අවධාරණය කළා.

අද (9) පාර්ලිමේන්තුවේදී රසායන අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එවැනි ආයුධ යුද්ධයේදී භාවිතා කළ බව කියමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය අනුමත කළ නොහැකි බවයි.

යුද හමුදාව රසායනික අවි භාවිතා කළ බවට කිසිම සාක්ෂියක් නැතී බවටද තහවුරු කර සිටියා.

උතුරේ ගංවතුර අවස්ථාවේදීත් ජනතාවට පිහිටවූයේ රණවිරුවන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා එසේ තිබියදී ඇතැම් දේශපාලකයන් ජාතිවාදය ඇතිකිරීමට උත්සාහ කිරීම ගැන කණගාටු වන බව පැවසීය.