පාසල් සිසුවෙකු සහ සිසුවියක් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට

0

පාසල් සිසුවෙක් සහ සිසුවියක් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවා.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය දෙකින්ද ප්‍රදේශයේ පදිංචි ලලංග හර්ෂ කුමාර(16) සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි වික්‍රමගෙදර පියුමි භාග්‍යා (14) නැමති පාසල් සිසුවියයි.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා සහ සිසුවිය තවත් පාසල් සිසුවියක් සමග දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා අද (02) උදැසන 9.30ටපමණ  ධාවනය වු විශේෂ දුම්රියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය සහ  ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර ජයසුන්දර ප්‍රදේශයේදිය.

පාසල් සිසුවෙක් සහ පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයේ ඉගුරුඔය දෙසට ගමන් කරමින් සිටියදි පසුපසින් පැමිණෙන දුම්රිය දැක මිය ගිය පාසල් සිසුවාගේ පෙම්වතිය බව පැවසෙන පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කර අනිත් පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කිරිමට පාසල් සිසුවා උත්සහ කිරිමේදි දෙදෙනාම දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

මෙම තිදෙනාම බාහිර පන්තියට සහභාගි වන බව නිවසට පවසා නිවසෙන් පැමිණ ඇති බවත්, බාහිර පන්තියට නොගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

මිය ගිය පාසල් සිසුවා සහ අනතුරෙන් දිවිගලවා ගත් පාසල් සිසුවිය දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් ධාවනය කර ඇති අතර ඔහුන් දෙදෙනාගේ පසු පසින් මිය ගිය පාසල් සිසුවිය දුරකථනයකින් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය සිසුවාගේ සහ සිසුවියගේ සිරුර නාවලපිටිය මුලික රොහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.