හදිසියේම ගෝඨාට පොළේ ගිය රොබට් ඕ බ්ලේක් කවුද?

0

ලංකාවේ හිටපු අමෙරිකානු තනාපතිවරයෙක් වූ රොබට් ඕ බ්ලේක් (Former US Ambassador to Sri Lanka Robert O. Blake) පාත්ෆයින්ඩ් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබු දේශනයකට සහභාගි වෙමින් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධූරය දරන කාලයේ ලංකාවේ පිහිටුවා තිබු යුධ විශේෂඥවරුන්ගේ කණ්ඩායමක් නැවතත් ලංකාවේ පිහිටුවීමට වත්මන් රජය පියවර ගත යුතු බවයි.

Update from Washington: US Foreign Policy towards China and South Asia and what it means for Sri Lanka,’ යන මාතෘකාව ඔස්සේ දේශනයක් සිදු කරමින් හිටපු අමෙර්කානු තනාපතිවරයා ඉහත ප්‍රකාශය සිදු කළ අතර එමගින් ඔහු අවධාරණය කළේ එවන් විශේෂඥ කණ්ඩායමක් පවත්වාගෙන යාම මගින් සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර හා පසු අමෙරිකාව සිදු කළ වැරදි වළින් වැළකීමට ලංකාව එමහින් හැකියාව ලැබෙන බවයි.

රොබට් ඕ බ්ලේක් යනු කවුරුන්ද?

Colombo, SRI LANKA: US Ambassador to Sri Lanka, Robert Blake (L) steps out of a military helicopter in Colombo, 27 February 2007. Blake was among the western diplomats who were injured when Tamil Tiger rebels shelled a town in the troubled region of Batticaloa. The ambassadors for the US and Germany were also hurt in the attack. The Tiger rebels expressed “deep regret” and accused the government of endangering the lives of the diplomats by taking them to the embattled area. AFP PHOTO/Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ඔහු 2009 – 2013 කාලය සඳහා ශ්‍රි ලංකාව සඳහා වන අමෙරිකානු තනාපතිවරයා වන අතර 2012 වර්ෂයේදි අමෙරිකාව විසින් ලංකාව පිළිබඳව මානවහිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවේ නිර්මාතෘවරයා වේ.ඔහු අමෙරිකානු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය අතර දැනට ලොව පුරා සිටින පුද්ගලයන්ට අමෙරිකාවේ වෙළදාමට හා කොන්ග්‍රසයට ප්‍රවේශය ලබා දීමට කටයුතු කරන McLarty Associates වෙත ගාස්තු අයකර ගනිමින් සිය සේවය ලබා දේ.හිටපු ධවල මන්දිර සේවකයන්, මාධ්‍යවේදීන්, බුද්ධි අංශ නිලධාරින් වැනි පුද්ගලයන් කුලිහේවයන් ලෙස සේවයේ යොදවා ගත හැකි බ්ලේක් වැනි රාජත්‍රාන්ත්‍රිකයන්ගේ සේවය McLarty Associates විසින් ලබා ගනු ලබයි.

Pathfinder Foundation (පාත්ෆයින්ඩේ පදනම) දැනටම සිය ජනාධිපති අපේක්ෂාව පවසා ඇති අමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු කොන්ග්‍රසයේ සහ අමෙරිකානු පාලන අධිකාරයේ සහයෙන් ජනතාව වෙත ප්‍රවේශයක් නිර්මාණය කරමින් සිටින අතර අමෙරිකාව ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නංවාලීමටද කටයුතු කරයි. මෙහිදි ගෝඨාභය අමෙරිකාවෙන් ඔහුට ලබා ගත හැකි හැම සේවයම ලබා ගැනීමේ අභිලාෂයෙන් පසුවෙයි. මෙම හේතුව නිසාම පාස්කු ප්‍රහාරයෙන් සති කිහිපයකට පසුව රොබට් ඕ බ්ලේක් ලංකාවට ගෙන්වා ඔහු ලවා දේශනයක් ලංකාවේ සිදු කර ගැනීමට අවශ්‍ය සියළු දේ ගෝඨාභය විසින් සකස් කරනු ලබනවා. ගෝඨාභය විසින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් කොට දින කිහිපයකට පසුව මෙම දේශපාලන බ්ලේක් විසින් සිදු කිරීමත් වැදගත් වේ.මෙම දේශනය සංවිධානය කරන්නේ චීන අරමුදල් මත දිවෙන මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩේ සංවිධානය මගින් වන අතර එම සංවිධානය මේ වන විට ‘වියත්මග’ හිම ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වේ.

ඒ අනුව මේ දිනවල පාත්ෆයින්ඩේ සංවිධානයේ මූලික අරමුණ වන්නේ ගෝඨාභයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රතිරූපය නංවාලීමයි.

බ්ලේක් පැවසුවේ මොනවාද?

බ්ලේක් මෙම දේශනයේදි ගෝඨාභයගේ නායකත්වයේ මහිමය පිළිබඳව ප්‍රශස්ති ගායනයක් ඉදිරිපත් කරනු ලැබීය. සිය පාලන කාලය තුළදි බ්ලේක් ආරක්ෂක ලේකම් ගෝඨාභය හොදින් දැන සිටි අතර කල්පිතයන්, ත්‍රිරෝද රථ රියැදුරන්, හෙංචයියන්, එහෙයියන් පමණක් නොව ගෝඨාගේ අණ ලද සැනින් ඕනෑම නීතිවිරෝධී කාර්යයක නිරත වීමට සුදානම්ව සිටි මිනිමරුවන් පිරිවරා ගනිමින් ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ක්‍රියා කළ ආකාරය ද හොදින් දැන සිටියා. එහෙත් දැන් වන විට ඔහු කුලී හේවායෙක් ව සිටින බැවින් ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට ගෝඨාභය සතුව ඉහළ ගණයේ විශේෂඥ කණ්ඩායමක් සිටි බවට බොරුවක් ප්‍රසිද්ධියේ හා මහජනතාව ඉදිරියේ කිසිදු හිරිකිතයකින් තොරව කියා දමනු ලැබීය.

මෙහිදි පුදුමයට පත් විය යුතු කරුණ වන්නේ ගෝඨාභයට හා යුධ හමුදාපති සරත් ෆොන්සේකාට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට එම විශේෂඥ කණ්ඩායම අසමත් වීමයි. එමගින් ගම්‍යමාන වන්නේ LTTE සංවිධානය පිළිබඳව ජනතාව තුළ මතයක් නිර්මාණය කරවීම උදෙසා මෙම ප්‍රහාරයන් ගෝඨාභය හා ඔහුගේ විශේෂඥ කල්ලිය විසින් නිර්මාණය කරන ලද්දක් බවද? එසේනම් දැනට පැතිරි ඇති කතාවන් අනුව ගෝඨාභය බොදුබල සේනාවට හා තවුහිද් ජමාත් සංවිධානයට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉතා රහසිගත පිළිවෙළක් හරහා මූල්‍ය ප්‍රතිපාදන සැපයූවා නම් පසුගිය පාස්කු ප්‍රහාරයන් පිටුපස් සිටින්නේ කවරෙක්ද යන්න පිළිබඳව පුදුමයට පත් විය යුතු නොවේ.

බ්ලේක් මේ සියල්ල දන්නා බවට සාමාන්‍ය දැනීමක් ලබා ගත හැකි වන්නේ ගෝඨාභයට ප්‍රශ්න සහගත වන අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන හැම විට ම ඔහු ව සතුටු කිරීම සඳහා ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කරන පිරිසක් ඔහු වටකොට සිටිමයි.

ගෝඨා – අමෙරිකා ආරක්ෂක ඩීල් අමෙරිකාවම හෙලි කරයි…….