බීමතින් තෙල් සංස්ථාවේ නිලධාරින්ටද පහර දුන් චන්ඩි චානුක රත්වත්තේ කබීර් හා රුවන් අමාත්‍යවරුන්ගේ නම පාවිච්චි කොට මුදවා ගත් පොලිස් හස්තය කාගේද…….? නීතිය නැමුවේ කවුද?

0

ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය පරීශ්‍රයට බීමතින් අයුතු ලෙස ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරින් ඇතුළු පිරිසකට පහර දුන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලෙහාන් රත්වත්තේගේ සොහොයුරු වන චානුක රත්වත්තේ සහ අනෙක් දෙදෙනාට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමය ඉල්ලා සිටිනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ චානුක රත්වත්තේ ඇතුළු පිරිස දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය අසල ඊයේ (30) රාත්‍රියේ 10.30 ට රිය අනතුරක් කළ බවත් ඔවුන් එම අවස්ථාවේ බීමතින් සිටි බවත් ය.

පසුව ඒ අනතුර පිළිබඳව විමසීමට ගිය ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් හට අදාළ බීමත් පුද්ගලයන් සංස්ථා පරීශ්‍රය තුළට පැමිණ පහර දුන් බවත් එහි සඳහන් වේ.

චානක රත්වත්තේ එතැනට විමර්ශනය සඳහා පැමිණි පොලිස් නිලධාරින් විසින් අත්තඩංගුවට ගත් බවද පසුව අද (31) දෙමටගොඩ පොලිසියට පැමිණෙන පොලිස් අධිකාරිවරයෙක් අමාත්‍ය රුවන් විජේවර්ධන හා අමාත්‍ය කබීර් හෂීම් පැවසුවායැයි සඳහන් කොට ඔවුන් මුදවා ගෙන ඇති බවද එම සංගමය චෝදනා කරන අතර ම එම අමාත්‍යවරුන් එවැනි උපදෙස් ලබා නොදුන් බවට තම සංගමය තහවුරු කොට ගෙන ඇති බවද සඳහන් කරනවා.

බීමතින් තෙල් සංස්ථාවේ නිලධාරින්ටද පහර දුන් චන්ඩි චානුක රත්වත්තේ නීතිය නවපු නැමිල්ල

බීමතින් තෙල් සංස්ථාවේ නිලධාරින්ටද පහර දුන් චන්ඩි චානුක රත්වත්තේ නීතිය නවපු නැමිල්ල

බීමතින් තෙල් සංස්ථාවේ නිලධාරින්ටද පහර දුන් චන්ඩි චානුක රත්වත්තේ නීතිය නවපු නැමිල්ල

Posted by Lanka News Alert on Friday, 31 May 2019