ණය ගත්තේ ණය ගෙවන්න……. මංගලගෙන් මහින්දට ඒකාබද්ධ සාකච්ඡාවකට ආරාධනා……

0

වත්මන් රජය විසින් ලබා ගත් ණය වලින් වැඩි කොටසක් යොදවනු ලැබූවේ පසුගිය රජය විසින් ලබා ගත් ණය ගෙවීමට බව මුදල් අමාත්‍ය මංගල සමරවීම පවසනවා.

මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි අමාත්‍යවරයාගේ ප්‍රකාශය සංක්ෂිප්ත අයුරින් පහත වේ,

පසුගිය රජය විසින් ලබා ගත් වාණිජ ණය හේතුවෙන් දිගින් දිගටම වැඩිවන  ණය පොලී නිසා මෙම රජය බලයට පත් වූවායින් පසුව ලබා ගත් ණය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා වැය කිරීමට රජයට සිදුව ඇත. 2015 සිට මේ දක්වා රුපියල් බිලියන 7,506ක් ණය වශයෙන් ලබාගෙන ඇති අතර එම කාලය තුළ ණය සේවාකරණය (ණය වාරික හා පොලිය) සඳහා රුපියල් බිලියන 8,088ක් වැය කර ඇත.

ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ ණය ලබාගෙන ඇත්තේ බලය රැකගන්න යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම නිවේදනයේ අඩංගු බොහොමයක් කරුණු සත්‍යයෙන් තොර හා විකෘති කරන ලද ඒවා වේ. 2005 වසර වන විට ශ්‍රී ලංකාවේරාජ්‍ය ණය බරතාවය වූයේ රුපියල් බිලියන 2,222කි. 2019 වන විට එම ණයබරතාව රුපියල්බිලියන 11,977දක්වා වැඩි වී ඇත.

පසුගිය රජය විසින් විශාල විදේශ ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ වාණිජ ණය වශයෙන් අධික පොලිය මතයි. එම රජයේ අවසන් කාලයේ දීජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහාජාත්‍යන්තර වෙළෙඳපොලෙන් ඩොලර් මිලියන 750ක් ණයට ලබා ගෙන ඇත්තේ 8.8%ක තරම් ඉහළ පොලියටයි.මෙරටට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ඉහළ පොලියට වාණිජ ණය ලබා ගැනීම ප්‍රථම වරට ආරම්භ කළේ 2007 වසරේ පැවැති මහින්ද රාජපක්ෂ රජය විසිනි. එසේ පළමු වරට ලබා ගත් ජාත්‍යන්තර ස්වෛරීත්වබැඳුම්කර සඳහා ලබා දී ඇත්තේ 8.25%ක් වැනි අධික පොලී ප්‍රමාණයකි. 2007 වසරෙන් පසුව 2014 වසර දක්වා ඇ.ඩො බිලියන 5.5ක් ස්වෛරිත්ව බැඳුම්කර හරහා එම රජය ණය ලබාගෙන ඇත. බහුතරයක් අධික පොලියට ලබාගෙන ඇති එම බැඳුම්කරබොහොමයක් ම කල් පිරෙන්නේ 2019-2022 කාලය තුළ ය. හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපල ඇතුළු අධිවේගි මාර්ග සඳහාද ලබාගත් ණය ගෙවීමේ කාලය ඇරඹුවේ ද 2015වසරේ සිට ය. ඒ අනුව මෙම රජය වසරෙන් වසර පසුගිය රජයේ එම ණය කන්දරාව ගෙවමින් සිටියි.

පසුගිය රජය කාලයේ පැවැති අවිධිමත් මූල්‍ය පාලනය හා ඒ තුළින් ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන්  අගාධයට ඇදී ගිය ආර්ථික අවුල මෙම රජය බලයට පත්වීමෙන් පසු නිසි මගට යොමු කිරීමට හැකි විය. ඒ අනුව 2015 සිට මුදල් අමාත්‍යාංශය මෙහෙයවීම සඳහා පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයකු වසර ගණනාවකට පසුව පත් කිරීම තුළින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිසි ලෙස හසුරුවා ගැනීමට මං විවිර විය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම දෙගුණයකට ආසන්න අගයකින් වැඩිකොටමනා මූල්‍ය කළමනාකරණයක් රට තුළ පවත්වාගෙන යාමට හැකි ව තිබේ.

2010 වසර වනවිට එකල රජයට එරෙහිව ජාත්‍යන්තර මට්ටමෙන් විශාල වශයෙන් මානව හිමිකම් කඩකිරීම් ඇතුළු විවිධ චෝදනා පැවැති හෙයින් කිසිදු රටක් සමඟ ආර්ථික හෝ දේශපාලනික සහයෝගිතාවයක් පවත්වාගෙන යාමට හැකිවූයේ නැති බැවින්මිත්‍ර රටවලින් පවා ණය ලබාගැනීමට හැකිවූයේ නැත. එමෙන් ම බොහෝ අය දන්නා පරිදි යුරෝපා සංගමය මසුන් අපනයනය සහ ජීඑස්පී ප්ලස් සහනය අහිමි කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ දී ය.

පසුගිය රජයේ අවසන් කාලයේ දී මැතිවරණ ඉලක්කකොට ගෙන අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීමකින් තොරව නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබිණි.

2011 වසරේ සිට ම මෙසේ අවිධිමත් ලෙස ආරම්භ කළ ව්‍යාපෘති බොහොමයක හිග මුදල් වසර ගණනක් තිස්සේ නොගෙවා පැවැති අතර මෙම රජය බලයට පත් වූ පසු 2015 හා 2016 වසරවල දී එම නොගෙවන ලද රුපියල් බිලියන140ක තරම් විශාල මුදලක් රජය විසින් ගෙවීම් කරන ලදී. එමෙන් ම මෙම කාලය තුළ රාජ්‍ය ආයතන ගණනාවක කාර්ය මණ්ඩලය සඳහා ගෙවිය යුතු අර්ථසාධක අරමුදල් (EPF),සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් (ETF)සහ පාරිතෝෂික මුදල් ගෙවා නොතිබිණි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පවා EPF, ETF හෝ පාරිතෝෂික මුදල් ගෙවා නොතිබිණි. ඒ සඳහා  මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 15 පමණ තරම් වූ මුදලක් ගෙවා EPF, ETF හා පාරිතෝෂික අහිමි කරන ලද අදාළ සේවයකන්ට සතුටින් විශ්‍රාම යාමට අවස්ථාව සලසා දෙන ලදී. මෙම මුදල් සියල්ල ම  මෙම රජය මගින් ගෙවා රාජ්‍ය මූල්‍ය පාලනයේ පැවැති අතිශය දුර්වල පැතිමාන ඉවත් කරන ලදී.

එකල පැවැති අවිධිමත් මූල්‍ය පරිහරණය නිසා 2015 වන විට මෙරටට උරුම කර දුන්නේ විශාල ණය කන්දරාවකි. මෙම රජය බලයට පත් වූ පසු  රාජ්‍ය මූල්‍ය පද්ධතිය දුබල කිරීමට  පාදක වූ සියලු ක්‍රමවේදයන් මුළුමනින්ම බැහැර කරන ලද අතර ආදායම හා ණය කළමනාකරණය ශක්තිමත් කිරීමට  දූර්දර්ශී ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී.

මෙහි එක් ප්‍රතිඵලයක්වශයෙන් එක්දහස් නවසිය පණස් ගණන්වලින් පසුව ප්‍රථම වතාවට 2017 සිට අයවැයේ ප්‍රාථමික ගිණුමේ  අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි විය. එය තව දුරටත් වර්ධනය කරමින් මෙම වසරේ දී ප්‍රාථමික ගිණුමේ සැලකිය යුතු අතිරික්තයක් වැඩි කර ගත හැකි වන අතර ප්‍රථම වතාවට ණය සේවාකරණය කිරීමට රාජ්‍ය ආදායම දායක කර ගත හැකි රාජ්‍ය මූල්‍ය පද්ධතියක් සකස් කර ගැනීමට මෙම රජයට හැකි විය.

හම්බන්තොට වරාය සඳහා පසුගිය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1,303ක් ලබාගෙන ඇති අතර එහි ප්‍රථම අදියර සඳහා වු ඩොලර් මිලියන 340 සදහා  6%ක පොලියක් හා 6%ක රක්ෂණ වාරිකයක් ද ගෙවිය යුතුව  තිබිණි.

එමෙන් ම රාජපක්ෂ යුගයේ විශාල වශයෙන් ණය ලබාගෙන ඉදිකර ඇති ව්‍යාපෘති වලින් රටේ ආර්ථිකයට හෝ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන තත්ත්වයකදී වුව ද පාඩු ලබන එම ව්‍යාපෘති සඳහා ලබාගත් ණය 2015 සිට ගෙවීමට  සිදුව ඇත. ඒ අනුව 2023 වසර දක්වා ලංකාව විදේශ රටවලට පහත පරිදි ණය ගෙවීමට සිදුවනු ඇත.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්­තොටුපොළ පමණක් නොව හම්බන්තොට මහා මාර්ග ලෝස් ඇන්ජල් නුවරට වඩා පුළුල්ව මට ඉදි කර තිබේ. එහෙත් ඒවායේ පැයකට වාහන හතරකට වඩා ගමන් කරන්නේ නැත. රාජපක්ෂ රජය විසින් හයාත් හෝටලය ඉදි කිරීම සදහා කාමරයකට වියදම් කර ඇති පිරිවැය ෂැංග්‍රිලා හෝටලයේ කාමරයක පිරිවැය මෙන් දෙගුණයක් පමණ වේ. කොළඹ ඉදි කර ඇති නෙළුම් කුලුන මහජනයා දැනටමත් මාටියා කුලුනු ලෙස නම් කර ඇත.

2015 දී දැඩි සත්කාර ඒකකයේ තිබූ ආර්ථිකය 2019 සාමාන්‍ය රෝගී කාමරයක ප්‍රතිකාර ලබන තත්ත්වයට පත් කෙරිණි. තවත් වසර පහකින් ස්ථිර සුවය ලබා දීමට හැකි වනු ඇත.

2015 වසරේ සිට ගෙවිය යුතු විදේශ ණය සේවාකරණය (ඇ.ඩො. මිලියන)

2015 2016 2017 2018 2019 2020 2021 2022 2023
2,031 1,828 2,417 2,564 4,200 3,463 3,453 3,842 2,193

2016 සිට ශුන්‍ය පාදක අයවැය ද 2018 සිට කාර්ය සාධනය මත පදනම් වූ අයවැයක් ද හඳුන්වා දීම තුළින් වියදම් කළමනාකරණයට රාජ්‍ය තන්ත්‍රය යොමු කර ගත හැකි විය. රජය විසින් ගනු ලැබූ මෙම නව පියවරයන් හේතුවෙන්  ලබා ගන්නා ලද ණය ජනතාවට ඍජු ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය කිරීමට හැකි වීම වගකීම් දරන රජයක් ජනතාව වෙනුවෙන්  ඉටු කළ යුතු කාර්යයන් මනා ලෙස ඉටු කර ඇති බව මනාව පිළිබිඹු වේ.

අන් කවුරුන් හෝ ලියා දෙන ප්‍රකාශවලට ආර්ථිකය ගැන නොදැන අත්සන් නොකරන්නැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි ඇමැති මංගල සමරවීර මහතා, ආර්ථිකය සම්බන්ධයෙන් ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවකට එක් වන ලෙස ද විපක්ෂ නායකවරයාට ආරාධනා කළේ ය.

මෙම රජය විසින් ජනතාවට ඍජු ප්‍රතිලාභ ලැබෙන පරිදි ආරම්භ කර ඇති/නිමකර ඇති
විශේෂ ව්‍යාපෘති කිහිපයක් පහත සඳහන්වේ

  1. මොරගහකන්ද කළුගග බහුකාර්ය ව්‍යාපෘතිය.
  2. උමා ඔය ව්‍යාපෘතිය අවිධිමත් ලෙස පැවැති රජය මගින් ආරම්භ කරන ලදී. වත්මන් රජය මගින් එය විධිමත් කර අවසානය කරා රැගෙන යමින් පවතී.
  3. ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක I-Road පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය
  4. උතුරේ රෝහල් 4ක් ඇතුළු ප්‍රධාන රෝහල් සඳහා කරනු ලබන ආයෝජනය
  5. ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය.
  6. උතුරේ ධීවර වරාය දෙකක් සංවර්ධනය කිරීම
  7. විශ්ව විද්‍යාල පද්ධති තුළ අලුතෙන් වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉන්ජිනේරුපීඨ ඇතුළුව අනෙකුත් විශ්ව විද්‍යාලවල නව පීඨ ආරම්භ කිරීම හා ඒ හරහා සිසුන් ඇතුළත් කිරීමේ සංඛ්‍යාව 22,000 සිට 33,000 දක්වා වැඩි කිරීම.
  8. සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමේ කාර්ය ඇරැඹීම.
  9. පෑලියගොඩ සිට ගාලු මුවදොර දක්වා කණුමත ඉදිවන මාර්ගය.
  10. දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම
  11. දක්ෂිණ දුම්රිය මාර්ගය මාතර සිට බෙලිඅත්ත දක්වා දීර්ඝ කිරීම
  12. පහළ මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය
  13. ග්‍රාම සේවා වසම් 14000 පුරා ක්‍රියාත්මකග්‍රාමීය යටිතල පහසුකම් නංවනගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
  14. කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මේ වනවිට නිවාස ඒකක 25000 ට අධික ප්‍රමාණයක් සහශ්‍රක නිවාස ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මකයි.

මෙයට අමතරව විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ පහත සඳහන් මහා පරිමාණ ජල ව්‍යාපෘති ඇතුළු සංවර්ධන වැඩසටහන්  මේ වන විටත්  ක්‍රියාත්මක වෙමින් පවතී.

2015 න් පසු ආරම්භ වූ ප්‍රධාන ව්‍යාපෘති
(
විදේශ ණය ආධාර මත) 2015 න් පසු ආරම්භ වූ ප්‍රධාන ව්‍යාපෘති …

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here