සිවාජිලිංගම් ටෙලෝ පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි…….!

0

මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් ස්වාධීනව නාමයෝජනා බාරදුන් තමන් ටෙලෝ පක්ෂයේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වූ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අද (08) දින පවසා සිටියා.

ජනාධිපතිවරනය වෙනුවෙන් සිවාජිලිංගම් නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් විසින් සිය පක්ෂයේ කිසිදු සමබන්ධයක් නොමැති බවට ප්‍රකාශ කිරීම සමබන්ධයෙන් සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේය.

එහිදී සිවාජිලිංගම් වැඩි දුරටත් පවසා සිටියේ ,

‘”ජනාධිපතිවරනය වෙනුවෙන් මම ස්වාධීන අපෙක්ෂකයෙකු ලෙසින් නාම යෝජනා භාරදුන්නා මම භාර දුන්නේ ටෙලෝ පක්ෂය වෙනුවෙන් නෙමෙයි ටෙලෝ පක්ෂයේ සභාපතීත්වයෙන් මම ඉල්ලා අස්වුනා ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් පක්ෂ නායකයාට හා පක්ෂයේ කාරක සභාවට යොමු කරල තියෙන්නේ නමුත් ටෙලෝ පක්ෂයේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වුනාට පක්ෂයේ සාමාජිකත්වයෙන් අස්වෙලා නැහැ පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන සභාපතීත්තවයෙන් විතරයි ඉල්ලා අස්වුනේ පක්ෂය කුමන තීරණයක් ගනියිද කියල මම දන්නේ නැහැ නමුත් ඕනම තීරණයකට මම සූදානම්.”

මේ අතර හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි කේ සිවාජිලිංගම් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම දේශපාලන කුමන්ත්‍රණයක් බවත් සජිත් ප්‍රේමදාස වෙත ලැබෙන උතුරේ දෙමළ ඡන්ද වැළැක්වීමේ අරමුණින් සිවාජිලිංගම් මන්ත්‍රිවරයා ජනාධිපතිවරණය සඳහා යොමු කරවීම පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ බවත් වාර්තා වෙනවා.

ගෝඨාභය රාජපක්ෂවෙත උතුරේ ඡන්ද කෙසේවත් ලබා ගත නොහැකි බැවින් එම ඡන්ද සජිත් ප්‍රේමදාස වෙත ලැබීම වැලැක්වීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ අනුශාසනාව යටතේ බැසිල් රාජපක්ෂ සිවාජිලිංගම් වෙත උපකාර කරන බවත් වාර්තා වේ.

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here