සජිත් මහනුවරට ගොස් දළදා ආශිර්වාදය ලබයි…….!

0

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (08) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් උතුම් දළදා වහන්සේට පුෂ්පෝපහාර දැක්වූවා.

දළදා මාළිගාවට පැමිණි සජිත් ප්‍රේමාදාස මහතාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමෙ ප්‍රදීප් නිලංග දෑල විසිනි.

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා මත අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය 500 නමකගේ සහභාගීත්වයෙන් සජිත් ප්‍රේමාදාසට ආශිර්වාද පතා දළදා මාළිගයේ සතර මහා දේවාල භූමියේදී ජය පිරිත සජ්ඣායනා කළහ.

ත්‍රෛයි නිකායික මහා සංඝරත්නයම පිරිත් සජ්ඣායනා කිරීම සඳහා වැඩමකර සිටීම විශේෂත්වයකි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් විසින් මෙහිදී කෙටි අනුශාසනාවක් සිදුකළහ.

“දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එදා ගම්උදා ඉදිකිරීමේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ප්‍රධාන විහාරස්ථානයන්හි ආකෘති එම ගම්උදාවල නිර්මාණය කිරීමේ සිට දළදා මාළිගාවේ රන් වියන නිර්මාණය කිරීම දක්වා ධර්මය මුල්කර ගනිමින් ගමනක් ගියා. සජිත් ප්‍රේමදාස මහතා තම පියාගේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන නිසා මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවනවා.

ඔබතුමාත් පියා මෙන් රාජ්‍ය පරිපාලනයට බුදුදහම සමඟ ගළපා ගැනීම වැදගත් වනවා. මහා සංඝරත්නය වශයෙන් අප ඔබතුමන්ට සෙත් පිරිත් දේශනා කර උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා”

අනතුරුව සජිත් ප්‍රේමදාස, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පසුව ඔහු ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක වරකාගොඩ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here