අන්තවාදය වැපිරූ මධුමාධව අරවින්ද පිවිතුරු හෙළ උරුමයට සමුදෙයි……!

0

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (08) ඔහු මෙම තීරණය ගෙන ඇති බවත් ඒ පිළිබඳව පක්ෂ නායකත්වය වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේවෙතත් වෙතත් දැඩි ලෙස මුස්ලිම් ජාති විරෝධි ආකල්ප ගම් මට්ටමේ බිම් මට්ටමේ ප්‍රචාරය කරමින් සිංහල බෞද්ධ පමණක් යනුවෙන් අන්තවාදය වැපිරීමට ක්‍රියා කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ගම් මට්ටමේ රැස්වීමකදි ඔහු දැඩි ලෙස අන්තවාදය වපුරන විඩීයෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවති.

මධුමාධව අරවින්ද විසින් අන්තවාදය වපුරන එම විඩීයෝව පහතින්,

කෙසේවෙතත් පශ්චාත් පාස්කු ප්‍රහාර අවධියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතිවාදි කලබල ඇති කිරීමට සම්බන්ධ බවට මධුමාධව අරවින්ද පොලිසිය විසින් අත්තඩංගුවට පවා ගත් අතර මහසෝන් බලකායේ නාමල් රාජපක්ෂ හා එකතුව මුස්ලිම් ව්‍යාපාර ස්ථාන ගිනි තැබූ බවටද ඔහුට චෝදනා එල්ල වේ.