ශ්‍රිලංනීපයේ සහය පොහොට්ටුවට……. ජනපති සිරිසේන ශ්‍රිලංනීපයේ සභාපතිකම අතහරී…..!

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (08) රාත්‍රියේ දි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මන්ත්‍රිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකදි මන්ත්‍රිවරුන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (09) අනුරාධපුරයේ පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මංගල ජනරැලියේ වේදිකාව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ගොඩ වීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම තීරණය සමඟ ජනාධිපති සිරිසේන එකඟ වී නොමැති බවත් ශ්‍රිලංනීපය පොහොට්ටුව සමඟ ගණුදෙණු කරන තාක් තමා ශ්‍රිලංනීපයේ සභාපතිකම පවා අත හරින බවත් පවසා සභාපතිඪූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂමණ් පියදාස පත් කළ බවත් එම පත්වීම ජනාධිපතිවරණ කාල සීමාවට පමණක් අදාළ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර සඳහන් කර සිටියා.

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here