අමෙරිකාවට බනින අයම ජනාධිපති අපේක්ෂක අමෙරිකාවෙන් ගෙනාවා…..!

0

තම පාලන සමයේ අධිකරණයේ ස්වාධීනත්වය සම්පුර්ණයෙන්ම විනාශ කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් අධිකරණය ස්වාධීනයි ප්‍රකාශ කිරීම සතුටට කාරණයක් බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන කාර්යාලය රත්නපුර වෙරලුප ප්‍රදේශයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව පවසා සිටියා.

එහිදි මාධ්‍යවේදීන් විසින් නැගු ප්‍රශ්න වලට අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ප්‍රශ්නය -පක්ෂයක අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දුන්නා ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය කුමක් ද

පිළිතුර-ඒක අපි පක්ෂයක් ලෙස අධිකරණයට ගිය එකක් නෙවෙයි.සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක් ලැබුණු තොරතුරක් මත අධිකරණයට ගිහිල්ලා.ඉතිං අද මගේ වචනෙන්ම කියන්න ඕන නැහැ මීට කාලෙකට ඉස්සෙල්ලා අධිකරණයේ ස්වාධීනත්වය සම්පුර්ණයෙන්ම විනාශ කරපු මේ රටේ හිටපු ජනාධිපතිවරයා කියනවා නම් අද අධිකරණයේ ස්වාධීනයි කියලා ඒක තමයි මම හිතන්නේ ලංකාවේ සියලු දෙනාටම බොහොම හොදින් කල්පනා කරලා පිළිගන්න පුළුවන් මතවක් එතුමාගේ කටින්ම පිටවුණු එක ගැන සතුටු වෙනවා.මොකද මීට ඉස්සෙල්ලා 2015 ජනවාරි 08 වැනිදාට පෙර මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය තියා අග්‍රවිනිශ්චයකාරවරයෙකුටවත් නිදහසේ වැඩ කරන්න බැරි තත්වයක් තිබ්බේ.අද ඒ ගැන එයා එහෙම සන්තෝෂ වෙනවා නම් රටේ ජනතාව සාමාන්‍ය මිනිස්සු නොයෙකුත් විදිහට අසාධාරණයට ලක් වෙච්ච අය මොනතරම් සන්තෝෂ වෙනවා ඇති ද

ප්‍රශ්නය- චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් හදිසියේෙම තැන්පත් කලා ඒ ගැන අදහස කුමක් ද

පිළිතුර-ඒක කියන්න තියෙන්නේ රාජපක්ෂ කෙනෙක් නැත්නම් රාජපක්ෂ කෙනෙක් කියලා.ඉතිං අපි දන්නේ නැහැ ඇයි මේ තරම් රටේ ජනතාවට උවමනා වෙලා තියෙන්නේ එක පවුලක් රජ කරවන්නට කියලා.විශේෂයෙන්ම රාජපක්ෂ කෙනෙක් නැත්නම් රාජපක්ෂ කෙනෙක් එනවා.අපේ පක්ෂයේ එහෙමෙ නෙවෙයි.අපේ පක්ෂය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පටන් අර ගෙන අද ඇවිල්ලා තියෙනවා මේ රටේ බිහිවන ලාබාලතම ජනාධිපති බිහි කරන තරගය දක්වා අපේ පක්ෂය ඇවිල්ලා තියෙනවා .

ප්‍රහ්නය -ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබදව යම් අභියෝගයකට ලක් කරන්න සුදානමින් ඉන්නවා කියලා ඒ ගැන අදහස

පිළිතුර-ඕන කෙනෙකුට ඒ සදහා අයිතියක් තියෙනවා.ඒ සදහා අවශ්‍ය කටයුතු කර ගන්න පුළුවන් ඕනම රටේ පුරවැසියෙක් වන ඕනම කෙනෙකුට පුළුවන්.ඕනම කෙනෙකුට මෙහෙම ආනයනය කරපු කෙනෙකුට නම් බොහොම අමාරුයි ඒ වැඩේ කරන්න.මෙහේ ඉන්න පුරවැසියෙකුට හා මේ රටේ ඔක්කොම කල්පනා කරන්න ඕන දේ තමයි අද රටේ පුරවැසිකම ගැන අභියෝගයකට ලක් වෙච්ච පුද්ගලයෙක් .මේ අපිට එක්සත් ජාතික පක්ෂයට හැම තිස්සේම රට ඇමෙරිකාවට විකුණනවා ඇමෙරිකාවත් එක්ක සෝපා ගිවිසුම අත්සන් කරනවා ඇමෙරිකාවත් එක්ක අරක කරනවා මේක කරනවා කියන ඇය ඇයි ඇමෙරිකාවෙන් ගෙනාව එක්කෙනෙක් දිනවන්න හදන්නේ.මොකක්ද මේ පිටුපස තියෙන කුමන්තුණය.ඇමරිකානුවකු වෙලා ඇමරිකාවට ගැති ලො තියෙන්නේ ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය තියෙන අයයි.ඒක තමයි කල්පනා කරන්න ඕන.රටේ මිනිස්සු හොදට ඔළුවෙන් කල්පනා කරලා ගන්න ඕන තීරණයක් මේක.

ප්‍රශ්නය- මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා කියලා

පිළිතුර-අපේ කිසිම අපහසුතාවයක් නැහැ එතුමාට අපහසුතාවයක් ඇති.ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදිහට බිහි වෙලා අත ලකුණින් බිහි වෙලා දැන් අතත් නැහැ පක්ෂයත් නැහැ මොකුත් නැහැ.පොහොට්ටුවක් හදා ගෙන අද මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ .අද ඒ ගොල්ලෝ තමයි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ .පොහොට්ටුවෙන් හරි කුසුමෙන් හරි ටයර් එකෙන් හරි බලයට එන්න තමයි රාජපක්ෂවරු උත්සාහ කරන්නේ .වෙන මොකුත් නැහැ ඒක තමයි ඒ අයගේ අවශ්‍යතාවය.

ප්‍රශ්නය -එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිළිබදව ඔබතුමියගේ අදහස කුමක්ද

පිළිතුර-අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා ඒකේ දෙකක් නැහැ.මොකද අපි දින 100 ආණ්ඩුවේ වැඩ කළා.ඊට පස්සේ දෙසැම්බර් 21 වැනිදායින් පස්සේ අපි අපේම කියලා හදා ගත්ත ආණ්ඩුවකින් තමයි අපිට යමක් කර ගන්න පුළුවන් වුණේ.අපි මේ 2015 ජනවාරි 08 ජයග්‍රහණයෙන් පස්සේ සමහර අයගේ න්‍යාය පත්‍රවල තිබුණේ අගමැතිතුමා පන්නන එක අපේ පක්ෂය දෙකඩ කරන එක අවසාන මෙහොත වෙනකල් පක්ෂය දෙකඩ කරන්න උත්සාහ කළා.අපි අද ඒකරාශි වෙලා සමගියෙන් අපේ පක්ෂයේ නායකතුමා අගමැති ලෙස කටයුතු කරන වෙලාවක අපේ අපෙක්ෂයා ලෙස ජයග්‍රහණය කරනවා.

ප්‍රශ්නය -පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වුනු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කියලා තෙයනවා ඔබතුමිය එක්ක වැඩ කරන්න බැහැ කියලා වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා

පිළිතුර -මම ඒ ගැන නම් ටිකක් ලැජ්ජා වෙනවා .පිරිමියෙක් එහෙම දෙයක් කිවුව එක ගැන.ගැහැණියෙක් කිවුවා නම් කමක් නැහැ.පිරිමියෙක් එහෙම කිවුව එක ගැන මම ලැජ්ජා වෙනවා.

ප්‍රශ්නය-පසුගිය දිනක සමුළුවක් තියලා නායකතුමා විසින් අපේක්ෂකයා යම්කිසි එකගතාවයකින් පත් කලා .ඒ පිළිබදව අදහස කුමක්ද

පිළිතුර-ඒක සාමාන්‍ය දෙයක් අපේ පක්ෂයේ නායකයා ඉදිරිපත් වුණත් මේ විදිහටම සමුළුවක් තියනවා.2005 අපේ අගමැතිතුමා ඉදිරිපත් වන විටත් 2010 සරත් ෆොන්සේකා මහති ඉදිරිපත් වන විටත් 2014 වත්මන් ජනාධිපතිතුමා ඉදිරි පත් වන විටත් මේ හැම අවස්ථාවකම අපේ පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක් තමයි පක්ෂයේ සම්මේලනය කැදවලා කැමැත්ත ලබා ගන්න එක.ඒක ඒ අනුව කමයි පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයෙදි සිදු වුණේ.

ප්‍රශ්නය -ඒත් සමගම බිම් මට්ටමේ සාමාජිකයින්ගේ උද්යෝගයක් ඇති කළා

පිළිතුර -ඒකට හේතුව තමයි මේ රටේ පයට පෑගෙන දුවිලි බවට පත් වෙලා තිබුණු ජනතාවට හයියක් දුන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියා ප්‍රේමදාස මැතිතුමායි.ඩී.එස්.සේනානායක මැතිතුමාගෙන් ආරම්භ වෙලා ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා මේ රටට විවෘත ආර්ථිකය හදුන්වා දුන්නා.ඒවා ගමට ගෙන ගියේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බව ඔබ දන්නවා.ඒකයි අද ජනතාව සජිත් ප්‍රේමදාස මැතිතුමාට කැමති.

ප්‍රශ්නය -පසුගිය දිනක රූපවාහිනි විවාදයක් තිබුණා ඒකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවේ නැහැ.

පිළිතුර -මම අභියෝග කරනවා.පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැතිව පුළුවන් නම් කොහේ හරි යන්න කියලා.වේදිකාවකට රූපවාහිනි විවාදයකට එන්න කියලා තනියම.එත්මාට හිටපු ආරක්ෂ ලේකම් ලෙස විශාල ආරක්ෂාවක් දීලා තියෙනවා.එතුමාට අපි කියන්නේ මහින්ද රාජපක්ෂ නැති වේදිකාවක් ගන්න.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here