වැඩි ඡන්ද 150000 කින් අනුරපුරේ ජය ගෝඨාට – දුමින්දගෙන් පොරොන්දුවක්……!

0

සිය මංගල රැලිය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණ තිබෙන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ගේ නිවසට පැමිණ තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ වෙත සහය ලබා දීමට තීරණය කිරීමත් සමඟ අද (09) ගෝඨාභයගේ මේ ආගමනය සිදු වූ අතර දුම්න්ද දිසානායක මන්ත්‍රිවරයා ගෝඨාභය රාජපක්ෂව එහිදි මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ජන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවට දුමින්ද දිසානායක මෙහිදි ගෝඨාභය රාජපක්ෂ වෙත පොරොන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක,එස්.එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී ඒකනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් රැසක් සහභාගී වූහ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here