එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සහය සජිත් ට…….!

0

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් බුදු දහමේ උන්නතියට කළ සේවාව වෙනුවෙන් තම පෙරමුණේ සම්පුර්ණ සහය ඔහුට හිමිවන බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පවසනවා.

අද (09) කොළඹ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් එම පෙරමුණේ සමාජිකයින් මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ තීනියාවල පාලිත හිමියන්,

“සජිත් ප්‍රේමදාස මැතිතුමා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලේදි පන්සල් දහස් ගණනකට ආධාර උපකාර කරලා තියනවා. හින්දු, බෞද්ධ, කතෝලික, මුස්ලිම් සෑම ආගමික ස්ථානයකටමත් උදව් උපකාර කරලා තියනවා. අපිට දීලා තියන නිසා නෙමෙයි ශ්‍රි ලංකාවේ සම්බුද්ධ සාසනයේ උන්නතියට මේ රජය කාලයේ වැඩ කටයුතු සිද්ධ වෙලා තියන නිසා කළගුණ දන්න භික්ෂූන් වහන්සේලා හැටියට අපේ වගකීමක් තියනවා මෙවන් අවස්ථාවකදි අපේ සහයෝගය පළ කිරීම.”

පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමියන්,

“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටට ආදරය ඇති, සම්බුද්ධ සාසනයට හිතැති මේ ජාතියට ආදරය ඇති නයකයෙක් හැටියට තමයි අපිට සජිත් ප්‍රේමදාස මැතිතුමා හදුන්වන්න හැකිවෙන්නෙ/ අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අය දිහා බැලුවාම එක එක දේවල් කෙරුවට මේ රටට මොනවද කරලා තියෙන්නේ කියලා අපි අහනවා. රාජපක්ෂලා අවුරුදු ගාණක් මෙ රටේ බලයේ ඉදලා මේ රටේ මිනිස්සුන්ට භීෂණය ඇති කරලා මේ රටේ සම්පත් විනාශ කරලා තමයි බලයේ හිටියේ. අද මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලයට පත් කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා තියනවා. මහින්ද රාජපක්ෂලා ගැන කතා කළොත් පරණ ටීම් එකම අද එලියට ඇවිල්ලා තියනවා ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ තමයි.”



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here