නිදහස නොමැති යුගයකට රට ගෙන යාමට අවශ්‍ය නැතිනම් සජිත් ජනපති කළ යුතුයි! – අගමැති රනිල්

0

2015 වසරේ සිට ගෙන ආ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (09) සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් කොළඹ, නව නගර ශාලාවේ සංවිධානය කළ සමුළුව අමතමිනි.

පසුගිය වසර පහ තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කරලමින් ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍ර්මදාස මහතා ජයග්‍රහණය කරවන ලෙසත්, ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ඔස්සේ ව්‍යවස්ථාව ඇතුළු සියලූ ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ ම හා යහපත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට තමන් කැපවී ක්‍රියා කරන බවත් සඳහන් කළා.

එසේම එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මිනිස් ජීවිත ආරක්‍ෂා කරමින්, නිදහස අර්ථවත් වූ සමාජ ක්‍රමයක් යහපාලන රජය යටතේ නිර්මාණය කළ බවය.

අනතුරුව මෙහිදි අදහස් දක්වමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, නිදහස නොමැති යුගයකට රට ගෙන යාම යළි ඉඩ දිය නොහැකි බවයි. දිනූ නිදහස තහවුරු කිරීමටත්, ශක්තිමත් කිරීමටත් එක්සත් ජාතික පෙරමුණ කැපවී සිටින බව පැවසූ පේ‍ර්මදාස මහතා ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තව තවත් ඉදිරියට ගෙන යාම තමන්ගේ අරමුණ බවයි.

මෙහිදී සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනාවලිය පිළිගන්වන ලදී.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here