ඒකාධිපති හිට්ලර්ගේ අවසන් නාසි ජීවිතය….. අද රෑට ITN බලන්න……!

0

2005 වසරේදි තිරගත කෙරෙණු Downfall චිත්‍රපටය ජර්මනියයේ නාසි ආඥාදායක ඇඩොල්ග් හිට්ලර් සහ ඔහුගේ අතිශය සමීප කණ්ඩායම දෙවන ලෝක යුද්ධයේ අවසන් දින කිහිපය තුළ  ජර්මනියේ බංකරයක් තුළ ගෙවු ජිවිතය හා මරණයට පත් වන ආකාරය පෙන්වනු ලබනවා.

චිත්‍රපටය සම්පූර්ණයෙන්ම පාහේ හිට්ලර් ගේ බංකර ජීවතය පිළිබඳව ගොනුවී ඇති අතර බංකරයෙන් පිටත දර්ශන චිත්‍රපටය තුළට අන්තර්ගත කොට ඇත්තේ ජර්මනියේ නාසි පාලනය බිඳ වැටෙන ආකාරය පෙන්වීමට, ජනතාවගේ දුක්ඛිත ජීවන තත්ත්වය පෙන්වීමට හා හිට්ලර්, ඊවා බ්‍රවුන් සහ ජෝශප් සහ මැග්ඩා ගොබෙල්ස්ගේ සිරුරු පුළුස්සා දැමීම පෙන්වීමට පමණි.

හිට්ලර් සිය බංකරය තුළ සිට පිටත ලෝකය නීරීක්ෂණය කරන ආකාරය, ඔහුගේ පෞද්ගලික හැගීම්, ඔහුගේ අන්ධ ලෙස පක්ෂපාති ලුතිනන්වරුගේ සේවය ආදි සියල්ල චිත්‍රපටය පුරා අපූරුවට දිග හැරේ.

හිට්ලර් නපුරු මුග්ධ හා රෝගි චරිතයක් බව මනාව මෙම චිත්‍රපටය හරහා පෙන්වා දෙන අතරම යුද්ධය අවසාන වුවද ඔහු සිය බංකරය තුළ සිට මනසින් යුධ වැදුණු අකාරය මෙහිදි දැක ගත කැකි වෙනවා.

ඔහු නොසැලී සිටීම ජෝසප් සහ මැග්ඩා ගොබෙල්ස් වැනි ඇසොලයිට්වරුන්ගේ තීරණවලට එතරම් බලපෑමක් නොකළ බවත් ජාතික සමාජවාදය නොමැති ලෝකයක ජීවත් වීමට මට අවශ්‍ය නැත යනුවෙන් පවසමින් හිටලර් සමඟම සිය දිවි නසා ගැනීමට එකතු වූ ෆ්‍රෝ ගොබෙල්ස් පවසා සිටි බවත් එහි දැක්වෙනවා. එසේම සිය දරුවන් 6 දෙනාගෙන් එකෙකු වත් ජීවත් වීම අවශ්‍ය නොවන බවට ඇය තීරණය කළ ආකාරය ද එහි අන්තර්ගත වෙනවා.

එම අපූරූ චිත්‍රපටයේ දර්ශන පෙලක් පහතින්,

 

ස්වාධීන රූපවාහිනිය අද (19) රාත්‍රි 9.30ට හිට්ලර් නම් ඒකාධිපතියාගේ කතාව ඇතුලත් මෙම Downfall චිත්‍රපටය විකාශය කිරීමට කටයුතු සූදානම් කොට ඇත.