අපෙන් ඕන ප්‍රශ්නයක් අහන්න, ගහන්නේ නෑ බනින්නේ නෑ, සුදු වෑන් දාලා උස්සන්නේ නෑ!

0

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

පිටකෝට්ටේ සොබාසිරි රිෂෙප්ෂන් හෝටලයේ පැවැති සිංහ සමාජ හා ලියෝ සමාජ ක්‍රියාකාරීන්ගේ හමුව අමතමින් අගමැතිවරයා ඊයේ (20) මේ බව සඳහන් කළා.

“අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා ඇති කළා . ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා.මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරනවා අණ්ඩුවේ අයටත් මැතිවරණ සමයේ කිසි දෙයක් බෙදන්න බැහැ ඉස්සර ආණ්ඩුවේ අය බෙදුවා දැන් අපි නීතියට අනුව වැඩ කරන සමාජයක් ඇති කර තිබෙනවා.

යුත්තිය රජකරන සමාජයක් බිහිකර තිබෙනවා.විනිවිදභාවයක් තියෙනවා. තොරතුරු දනැ ගැනීමේ පනත අනුව ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් විමසා දැන ගන්න  පුළුවන්.” අගමැතිවරයා සඳහන් කර සිටියා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here