වතුකම්කරුවන්ගේ දෛනික වැටුප 1500 දක්වා වැඩි කරන බවට සජිත්ගෙන් ප්‍රතිඥා……

0

“නැහැ, බැහැ, අපි බලමු”යන වචන තම රාජ්‍ය පාලනය තුළදී ශබ්ද කෝෂයෙන් ඉවත් කර“ඔව් අපිට පුළුවන් ඉදිරියට යන්න” අරමුණින් අලුත් කණ්ඩායමක් සමග ජව සම්පන්න නව ගමනක් ආරම්භ කර රට සංවර්ධනය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස විසින් මේ බව ප්‍රකාශ කරන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මස්කෙළිය, හැටන් බස් නැවතුම්පොල භූම්යේපැවැති ජන රැළියට ඊයේ (20) එක් වෙමිනි.

“මෙරට සෑම පවුලකම ආදායම් මාර්ග ශක්තිමත් කරන්න අප දියුණු රටක් ගොඩ නගන්න අප රාමුවකට කොටු වෙලා තීන්දු තීරණ ගන්නේ නැහැ. අලුත් දෙයක් කරන්න යනකොට විවිධ චක්‍රලේඛ පෙන්නලා වැඩ නොකරන සම්ප්‍රදායික ගතානුගතික ක්‍රමවේද අපේ රටේ තියෙනවා. අපේ රජය යටතේ නැහැ, බැහැ, බලමු යන වචන සම්පූර්ණයෙන්ම පැත්තකට විසිකර ජන දුකටු විසඳුම් නිර්මාණය කරන සොඳුරු රජයක් අපි නිර්මාණය කරනවා. මෑත ඉතිහාසයේ නොදුට ඓතිහාසික සංවර්ධනයක් නුවර එළිය දිස්ත්‍රික්කය ඇතුළු මුලු රටේ ක්‍රියාත්මක කිරීමට සජිත් ප්‍රේමදාස ඇතුළු අලුත් කණ්ඩායම කටයුතු කරනවා

ජන ශක්තිය තුළන් තමන් බලයට පත්වූ පසු මාස 3 ක්  ඇතුළත නුවරඑළිය දිස්ත්‍රික්කයට අවශ්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල ලබා දීමට කටයුතු කරනවා.

ජන සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මගින් සාමාජිකයින් 4 දෙනෙකුගෙන් යුත් එක් පවුලකට මසක් ජීවත් වීම සඳහා අවම වශයෙන් රුපියල් 50,000 සහ 55,000 ක් අතර ආදායමක් අවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා. නමුත් දිනකට රුපියල් 700 ක වැටුපක් ලබන වතු කම්කරු ජනතාවට මසක රුපියල් 14,000 ක පමණ ආදායමක් හිමිවීම පිළිබදව අපි ලැප්පා විය යුතුයි.

රණසිංහ ප්‍රේමදාස තම පියාණන් ලක්ෂ 12 කට වැඩි ජනතාවකට මෙරට පුරවැසි අයිතිය ලබා දුන්නා. රජයේ මුදල් උපයෝගී කරගෙන හෝ මෙරට සියලුම වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප ලෙස අවම වශයෙන් රුපියල් 1,500 ක් වත් ලබා දීමට තමන් ඇප කැප වෙනවා” සජිත් ප්‍රේමදාස මෙහිදි සඳහන් කර සිටියා.