ෆේස්බුක් එකේ මඩ ගහලා සජිත්ව පරදන්න බෑ….. ජයග්‍රහණය ස්ථිරයි!

0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය සියළු සමීක්ෂණ වාර්තා විසින් තහවුරු කොට ඇති බව සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානි තිස්ස අත්තනායක පවසනවා.

සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“සමාජ මාධ්‍ය ජාලා වල සජිත් ප්‍රේමදාස මහතාට අපහාස උපහාස කරමින් විවිධ වූ මාධ්‍ය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි ඒ ගැන කණගාටු වෙනවා. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ මෑත වසර ගණන තුළ ක්‍රියාත්මක වෙච්ච සාර්ථකම ඇමතිවරයා. විශේෂයෙන්ම නිවාස හ ඉදිකිරීම අමාත්‍යශය යටතේ ඔහුට බාර දුන්න විෂයන් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරපු ඇමතිවරයා කියලා සාර්ථකව කියන්න පුළුවන්. සමාජ මාධ්‍ය ජාලා තුළ මඩ ගහනවාට වඩා හොඳයි ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය කරනවා නම්. අපි කියන්නේ මේ විදියට පහළට වැටෙන්න එපා කියලා. මේ විදියට අපහාස කරලා සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වළක්වන්න බැරි බව අපි ඒ අයට මතක් කරලා දෙන්න කැමතියි.” තිස්ස අත්තනායක සඳහා කලා.