ගෝඨා වැනි නිර්දය පුද්ගලයෙක් රටේ ජනාධිපති විය යුතු නෑ…..!

0

ගෝඨාබය රාජපක්ෂ වැනි නිර්දය පුද්ගලයෙකු කිසිසේත් රටේ නායකත්වයට පත් නොවිය යුතු බව සජින් වාස් ගුණවර්ධන සඳහන් කරනවා.

අම්බන්ගොඩ සී බ්‍රිස් හෝටලයේ දි පැවති හමුවකදි ඔහු මේ බව සඳහන්කළා .

රාජපක්ෂවරුන්ව ඉතා සමීපයෙන් අවුරුදු ගණනාවක් ආශ්‍රය කළ තමන් එක් එක් රාජපක්ෂවරයාගේ හොඳ හා නරක පිළිබඳව ඉතා හොදින් දන්නා බවද ඔහු මෙහිදි සඳහන් කළා.

රාජපක්ෂවරුන් ගැන තමා තරම් දන්නා වෙනත් කිසිවෙක් නොමැති බවද එළියට පෙන්නන හොඳ මුහුණු ඔවුන්ගේ අභ්‍යන්තරයේ නොමැති බවද ඔහු සඳහන් කළා.

ඉතිහාසය පුරා මෙරට ප්‍රගතිශීලී බලවේගය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ ගෝඨාබය රාජපක්ෂ නොව සජිත් ප්‍රේමදාස බව සඳහන් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ උවමනාවෙන්ම කටයුතු කරන පිරිස මෙවර ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය දෙන බව ප්‍රකාශ කොට ඇති බවයි.